රන් බරට නීතියත් බර වෙයි.

ජාවාරම් කිරීමේ අරමුණින් විදේශයන්හි සිට මෙරටට ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළද පැමිනෙන පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට වහාම පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පවසන ලදී.

අමාත්‍යවරයා පවසා සිටින්නේ මේ හේතුවෙන් මසකට රටට අහිමි වන ඩොලර් ප්‍රමාණය මිලියන 30 ද ඉක්මවන බවයි.

එමෙන්ම දැනටමත් මෙම ජාවාරම්කරුවන් හදුනාගැනීම සිදු කර ඇති බවත් කඩිනමින් ඒ සදහා අවශ්‍ය නිතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසා කර ඇත.

කෙසේ නමුත් මේ හේතුවෙන් සාමාන්‍ය මගින් හට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර ඇත.

Exit mobile version