ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් වසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්රී ලාංකීය ආර්ථිකයට ලැබෙණ දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ජනපති විසින් කඳුරට දෙමළ ප්රජාවේ ප්රථම කණ්ඩායම ශ්රී ලංකාවට පැමිණ වසර දෙසීයක් සපිරීම නිමිත්තෙන් 2023 පෙබරවාරි මස මෙම වැඩසටහන් මාලාව පැවැත්වීමට කරන ලද ඉල්ලීමකට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව ඇත.
කර්මාන්ත අමාත්යංශය සහ අදාළ අනෙකුත් රාජ්ය ආයතන එක්ව, මීට වසර 200කට ඉහතදී ඉන්දියාවෙන් මෙරටට සංක්රමණය වූ උඩරට දෙමළ ජනතාවගේ සේවය ඇගයීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කිරීමට අපේක්ෂා කර තිබීම විශේෂත්වයකි.