(“ඇමරිකානු මනෝවිද්‍යාඥයෙකු වන එබ්‍රහිම් මැස්ලෝ විසින් 1943 දි මානව අවශ්‍යතා 5 ක් ඉදිරිපත් කළේය. එය මානවයාගේ අවශ්‍යතා ධුරාවලිය ලෙස අදටත් සක්‍රීයව භාවිතා කෙරේ. ආහාර සහ ඇදුම්, රැකියා සුරක්ෂිතභාවය, ආදරය සහ අයිතිය වැනි අවශ්‍යතා මත මානව හැසිරීම්, අභිප්‍රේරණය, හැසිරීම් සහ පුද්ගල සංවර්ධනය පිළිබඳව මනා දායකත්වයක් ලබාගත හැක්කේ කෙසේද යන්න ඉන් පෙන්වා දී තිබේ. මැස්ලෝගේ න්‍යායන් වර්තමාන ශ්‍රී ලංකාවේ මිනිසුන් ලෙස අපව පොළඹවන දෙයෙහි සාරය පිළිබඳව වටිනා අවබෝධයක් ලබා දේ. ශ්‍රී ලංකාව ගොඩනැගීමට අවශ්‍ය නායකයන්ට එය ආලෝකයක් ලෙස භාවිතාකල හැකිය. ඒ අනුව කෙටි වාර්තාවක් ලෙස මෙම ලිපිය සකසා තිබේ”)
ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශීය සංචාර පිළිබඳව විවිධ කතා අතරේ ඔහුගේ එම ගමන් බිමන් අප සාධාරණිකරණය කලේ වැටුණු රට නැවත ගොඩගැනීමට නම් එසේ දේශපාලන සබඳතා අවශ්‍ය බව පෙන්වා දෙමිනි. රට වැනසූ දේශපාලන පක්ෂය ලෙස විරුදාවලිය ලබා තිබෙන්නේ රාජපක්ෂ පාලනයයි. එය ශ්‍රේෂ්ඨාධිකරණය පවා ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේ නමුත් රාජපක්ෂ පාලනය බිහිකිරීම වෙනුවෙන් දහඳිය මහන්සියෙන් කටයුතු කල සියල්ලෝම එහි චුදිතයන් ය. ඔහුගේ මන්ත්‍රී මණ්ඩලය, ඔහු දේශපාලනයෙන් ලබා දුන් දේශපාලන පත්වීම්, ඇතුළු ශ්‍රී ලංකාවේ 50% ක්ම එම විනාශයේ කොටස් කරුවන්ය. එපමණක්ද නොව, වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රීවරුන් එහි කොටස්කරුවන්ය.
ලංකාවේ කොටස් ලෝකෙට විකුණා ගත් මුදල්වලින් රාජපක්ෂලා පමණක් නොව, ගමේ කොන්ත්‍රාත් කරුවා පවා සුර සැප වින්දේය . එසේ සුර සැප විඳිමින් ගමේ, ගොඩේ තිබු පරිසරය, ගස් වැල් ඇතුළු බොහෝ වටිනා දේ ඔවුන් විනාශ කළේය. ඔවුන් බොහෝ දෙනෙක් දුෂිත වුවා පමණක් නොව, අහිංසක මිනිසුන් ඉදිරියේ චන්ඩින් බවට පත් විය. පුරාවිද්‍යාත්මක ස්ථාන පවා විශාල වශයෙන් විනාශ කල ඔවුන්ගේ නායකයන්ගේ සිට පහලට සියල්ලෝම රට සම්පුර්ණයෙන්ම විනාශ කලෝය.
මේ සියල්ලම දරා ගැනීමට නොහැකි තැන මහජනතාව පාරට වැටුනේය. ඔවුන් උද්ඝෝෂණ කළේය. තවමත් ඒවා සිදුකරන්නේය. දැන් රටේ සක්‍රීය ජනතාව ඉල්ලන්නේ සැබෑ සත්‍ය පාලනයකි. නමුත් දේශපාලන පක්ෂවලට හිරවී සිටින දේශපාලනික ජනතාව ඉල්ලන්නේ ඔවුන්ගේ ජන නායකයෙකි. දේශපාලන පක්ෂවලට හිරවී සිටින ජනතාවට වඩා දේශපාලනය එපා කියන ජනතාව වැඩි වී තිබේ. ඔවුන් ඉල්ලන්නේ පක්ෂ දේශපාලනය නොවේ. ඔවුන් ඉල්ලන්නේ පක්ෂ නොමැති දේශපාලන ක්‍රමයකි. ඉන් කියවෙන්නේ පක්ෂ දේශපාලනයෙන් ශ්‍රී ලංකාව යතා තත්වයට පත්නොවන බව ඔවුන් පිළිගෙන තිබෙන බවයි. ඒ පිළිබඳව ඔවුන් දැනුවත්ව සිටින බවයි.
මහජන අරගලයන් රටට සිදු වූ සෙතක් නැත. ඉන් වුයේ නව ජනාධිපතිවරයෙක් පත්වීම පමණි.පෝලිම් අවසන් විය නමුත් රටේ බදු බර අඩු වීම හෝ භාණ්ඩ මිල අඩුවීමක් නැත. එය අරගලයට පෙර තිබුනටත් වඩා ඉහල ගොස් තිබේ. ඊටත් වඩා ගැටළු ගනනාවකට මුහුණ දෙන ශ්‍රී ලාංකික ජනතාවට රැකියා පවා අහිමිව ගොස් තිබේ. මෙවර නව වසරේ පාසල් ආරම්භයත් සමගම දෙමාපියන් මෙන්ම දරුවන්ද අසරණව සිටි අයුරු බිමේ සිටින අප පැහැදිලිවම දුටුවේය.
කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිවරයා බවට පත්ව මේ වන විට අවුරුදු දෙකකට ආසන්න වෙමින් තිබේ. මෙම කාලය තුලදීවත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා ප්‍රසාධය ලබා ගැනීමට නොහැකිව තිබේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ “හදවතේ අරගලයට” පහර දීමයි. කවුරුන් විසින් එම අරගලය ආරම්භ කලත් අවසානයේ එය සමස්ත ශ්‍රී ලාංකිකයන්ම වැලඳ ගත්තේය. එය රනිල් වික්‍රමසිංහ මහතා හෝ පොදුජන පෙරමුණ හඳුනා ගත්තේ නැත.නමුත් පොහොට්ටුවේ බිම් මට්ටමේ නායකයන් එයට විරුද්දව සිටියේය. විවිධ පුද්ගලයන් විවිධ කෝණයෙන් එදෙස බැලුවත්, එම අරගලය මහජනතාවගේ හිතට වැදුණු ආකාරය පිළිබඳව වටහා ගැනීමට පාලක පන්තියට නොහැකි විය. පොදුජන පෙරමුණට කල නොහැකිව තිබු අරගලය පාලනය කිරීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකලත් එයින් සිදු වුයේ “දක්ෂ නායකයෙක්” ලෙස ජනතාව සතුටින් සිහි කල රනිල් වික්‍රමසිංහ මහතාට තිබු මහජන ගරුත්වය අහිමි වීමයි. ඉන් පෙන්නුම් කලේ ජනතාවගේ තත්වය රනිල් වික්‍රමසිංහ මහතා නිසිලෙස තේරුම් නොගත් බවයි. අරගලයට පහර දීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා කල යුතුව තිබුනේ අරගලයත් තබාගෙනම රට පාලනය කිරීමයි. අරගලයට පහර දීමට පෙරම අප එය පෙන්වා දි තිබේ. අරගලය තුල ජනතා හැසිරීම තේරුම් ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නොහැකියාව තුල රට තවමත් අරාජිකව තිබේ. ඔහුට එම ගැටය නිසි ලෙස දැමීමට හැකියාව නොලැබුණි.
රට පුරා සිටින සක්‍රීය ජනතාව මේ වන විට දැඩි ඉන්දීය විරෝදී ප්‍රතිපත්තියක සිටි. රනිල් වික්‍රමසිංහ මහතා එය මනාව හඳුනාගෙන සිටි. කාගේ හෝ ලනුවක් ගිල දැමු ජනතා විමුක්ති පෙරමුණේ රැල්ල දැන් කැඩී ගියේය. ඉන්දියාවට යාමට ප්‍රථම, රටේ ඉන්දීය විරෝදී මහජන තත්වය හදුනාගැනීමට ජනතාවිමුක්ති පෙරමුණ අසමත් විය. අනුරගෙන් පසු රනිල්, මෛත්‍රී පමණක් නොව නාමල් පවා ඉන්දියාවේ ගියේය. නමුත් ඔවුන්ගේ පැවැත්මට ඉන් කිසිදු හානියක් සිදු වුයේ නැත. ඒ ඔවුන් ඉන්දීයාව හා සම්බන්ධ බව දැනුවත් බැවින් සහ ඉන්දීය ගැතිකම් ඔවුන් සිදුකරන බව හදුනාගෙන සිටින බැවිනි. නමුත් ජනතාව විකල්පයක් ලෙස ජනතා විමුක්ති පෙරමුන දෙස බැලු දැක්මට දැන් දැඩි ලෙස හානි සිදුව තිබේ. ඒ හේතුවෙන් ජනතාව දැන් තවත් පාඩමක් ඉගෙන ගෙන සිටි.
ජනතා විමුක්ති පෙරමුණේ ඒ පසුබෑම නැවත සකසා ගැනීමට ඔවුන්ට හැකියාව තිබේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්ෂත් ජාතික පක්ෂයට අවශ්‍ය ජනතා ආකර්ශනය ලබා ගැනීමට තවමත් නොහැකිව තිබේ. ප්‍රධානතම හේතුව වන්නේ 70% ක් පමණ ඡන්ද දායකයන් දේශපාලන රැවටීම් හඳුනාගෙන තිබීමයි. ඔවුන්ට දේශාපලන නායකයන් ගැන ඇත්තේ කනගාටුවක් මෙන්ම එපා වීමකි. එය වෙනස්කිරීමට තිබුණු වඩාත්ම හොඳම අවස්තාව වුයේ අරගලයට පහර දීමෙන් ඉවත්ව, ඔවුන් ඉල්ලන දේ අනුව රටේ පැවැත්ම පාලනය කිරීමයි. බොරු පොරොන්දු දීමෙන් මෙවර මැතිවරණ ඉලක්ක ජයගැනීමට නොහැකිබවට තිබෙන හොඳම උදාහරණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දීය සංචාරයෙන් පසුව ඇතිව තිබෙන මහජන වෙනස්වීමයි.
එසේම මේ වන විට රාජ්‍ය පරිපාලනයද අරාජික වී තිබේ. පොලිස් දෙපාර්තමේන්තුව, හමුදාවන් පමණක් නොව සමස්ත රාජ්‍ය පරිපාලනයේ සාමාන්‍ය රාජ්‍ය සේවය පවා ආරාජිකව තිබේ. එම ආයතනවල සේවය කරන සේවකයන්ට මෙන්ම ඔවුන්ගෙන් සේවය ලබන මහජනතාවටද වවිධ අසාධාරනකම්වලට මුහුණ දීමට සිදුව තිබේ. ඒවායින් බොහෝ දේ පිටුපස දේශපාලන ක්‍රියාකාරකම් දක්නට තිබේ. දේශපාලනික වුවත්, නොවුවත් ඒ සියල්ලම බැරවන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිණුමටය. ඔහු විධායක ජනාධිපතිවරයාය. විවිධ අණපනත් හරහා ජනතාව මේ වන විටත් හිරකර තිබුනත්, ජනතා ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදි ඒවා කිරීමෙන් තව තවත් ජනතා අප්‍රසාදය ඇතිවන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටය. ඒවාට අවශ්‍ය පිළිතුරු ලබා දිය යුත්තේ ජනමනසට වුවත්, එය හඳුනාගෙන කල යුතු දෙයක් බැවින්, එය එසේ කිරීමට සමත් කථිකයන්, දැක්මක් තිබෙන නායකයන් එක්ෂත් ජාතික පක්ෂය තුලින් දක්නට නැත. එළිපිට සිටින ඔවුන්ගේ නායකයන් සිදුකරනුයේ ඔවුන්ට තිබෙන මනාප පවා අහිමිකර ගැනීමයි. ජනාධිපති ලේකම්වරයා පවා වැඩකරනුයේ රටේ දැක්මක් ඇතිවද යන්න අපට ගැටළු මතුකර තිබෙන නමුත්, එයට හේතුව ආණ්ඩුවේ බලය තිබෙන්නේ පොදුජන පෙරමුණ සතුව තිබෙන නිසාද?, යන්න සමහර ගැටලුවලදී හදුනාගත නොහැකිව තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගැටලුවලට අවශ්‍ය නිසි දේ නොවීමේ හේතුව ජනාධිපති ලේකම් ද? යන්න ගැටළු මතුකර තිබේ. විවිධ වෙබ් අඩවි ගණනාවක්ම එය චෝදනා ස්වරුපයෙන් ඉදිරිපත්කර තිබුණි. ඒ පිළිබදව අපගේ පුවත් කණ්ඩායම ප්‍රශ්න කරමින් ද වාර්තා සපයා තිබුණි. එසේම තවත් ආසන්නතම උදාහරණයක් ලෙස රත්නපුරේ සංකපාල, කොස්වැටිය ආදී ප්‍රදේශවලට අයත් එක්ෂත් ජාතික පක්ෂයේ කොඨිඨාශ මට්ටමේ නායකයෙක් වන නිරෝෂන් ප්‍රියදර්ශන ඉල්ලා අස් වී තිබේ. හේතුව වන්නේ ඇඹිලිපිටිය වැඩ බැලූ ප්‍රාදේශීය ලේකම්වරයා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉවත් කිරීම නිසාය.
ඒ අනුව පවතින පරිසරය තුල රනිල් වික්‍රමසිංහ මහතාට නැවත ජනාධිපති වීමට කිසි සේත්ම ඉඩක් නැත. නමුත් එය නිර්මාණය කර ගැනීමට හැකිය. එය එසේ කර ගැනීමට හැකි දක්ෂ මානව හිතවාදී පරපුරක්, වර්තමාන මානවයා හඳුනාගත හැකි පරපුරක් රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම සකසා ගත යුතුය.ඔවුන් ගමේ ශක්තිමත් නායකයන් බවට පත්කිරීම තුලින්, මිනිසුන් හිර කිරීම වෙනුවට ඔවුන්ගේ අවශ්‍යතාවලට අවශ්‍ය පිළිතුරු දීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම, ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන අණපනත් සැකසීම, බැංකු ආදී ස්ථානවලට ගෙවීමට තිබෙන ණය බරට විසඳුම්, ආදී මහජන ගැටළු සොයා, ඒවාට කෙටි කාලින සහ දීර්ඝකාලින සත්‍ය විසදුම්, මහජන යුක්තිය වෙනුවෙන් අවශ්‍ය අණපනත් නිර්මාණය කිරීම තුලින්, මාස කිහිපයක් ඇතුලත එක්ෂත් ජාතික පක්ෂයට ශක්තිමත්ව නැගී සිටිය හැකිය. නමුත් ගැටළුව වන්නේ ඒවා එසේ කිරීමට හැකි නායකයන්, පසුපෙළ දක්ෂයන් එක්ෂත් ජාතික පක්ෂයෙන් දක්නට නොමැතිවීමයි. නමුත් අපට නොපෙනෙන බොහෝ දේ ඔවුන්ගේ පක්ෂය තුල සැඟවී තිබිය හැකිය. එය මතු කරගන්නේ නම් ඔවුන්ට නැවත නැගී සිටිය හැකිය. කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා දැඩි වෙහෙසක් ගෙන රට ඉහලට ගැනීමට වෙරදරණ බව රාවණා ලංකා අප හඳුනාගෙන තිබේ. රාජ්‍ය නායකයෙක් ලෙස රට ගොඩනගන්නට නම් ලෝකේ පුරා හිඟාකමින් ගත යුතු දේ ගත යුතුය. එසේම නොකල යුතු දේ නොකළ යුතුය. ගැට ගැසිය යුතු තැන ගැටේ දැමිය යුතුය. එය දක්ෂ කළමණාකරුවෙකුගේ ලක්ෂණයකි. නමුත් අපද මේ අයහපත් රාජ්‍යයේ, අයහපත් රාජ්‍ය නිලධාරින්ගෙන් මෙන්ම අයහපත් දේශපාලඥයන්ගෙන් බැටකමින් සිටි. ඒ මහජන යුක්තිය වෙනුවෙන් සත්‍ය වාර්තාකරණය නිසාය. එබැවින් මේ සියල්ලම වෙනස් කරගත හැකි යුක්තිගරුක පාලනයක දැඩි අවශ්‍යතාවයක් රටට මෙන්ම අපටද අවශ්‍යව තිබේ. එය රනිල්, පාටලී, අනුර හෝ සජිත් පමණක් නොව කවුරුන් හෝ හැකි ඉක්මනින් නිර්මාණය කල යුත්තේ ජාතික දැක්මක් සහිත පක්ෂ දේශපාලනයෙන් තොර ඉලක්කයක් සමගිනි. එසේම පොදුජන පෙරමුණට, රාජපක්ෂලාට මෙන්ම රටේ විනාශයන් සිදුකල කිසිවෙකුටත් බැන වදිමින් රට ගොඩනැගිය නොහැක. අප කල යුත්තේ ඒ අත්දැකීම් වලින් නව පරපුරක් නිර්මාණය කිරීමයි. ඔවුන්ද නායකයන් බවට පත්කළේ මෙරට ජනතාවමය.
එබැවින් මා මෙම ලිපිය අවසන් කිරීමට පෙර මැස්ලෝගේ අවශ්‍යතා දුරවලියේ තිබෙන පස් – ස්තර ආකෘතියන් සියල්ලම පාහේ අහිමිව තිබෙන්නේ සාමාන්‍ය ජනතාවටය. දේශපාලන, ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන්ට, බැංකු, සංස්ථාපිත මණ්ඩලවල සේවකයන් ඇතුළු අධි වැටුප් ලබන්නෝ, රාජ්‍ය සේවයේ විධායක පන්තිය හැරුණු කොට අනෙකුත් ලක්ෂ ගණනාවක රාජ්‍ය සේවකයන්ට මෙන්ම සාමන්‍ය ජනතාවගෙන් 98% කටම ඒ සියල්ලම අහිමිව තිබේ. එම ජනතාව කායික අවශ්‍යතා, ආරක්‍ෂිත අවශ්‍යතා, අයිති කරගැනීමේ අවශ්‍යතා, ගෞරවනීය අවශ්‍යතා මෙන්ම ඉහලින්ම තිබෙන ස්වයං- සත්‍යතා අවශ්‍යතා ඇතුළු සියල්ලම අහිමිව තිබෙන්නේ නම්, ඒවා සියල්ලම යතා තත්වයට පත්කිරීම රටක දේශාපලන නායකයන්ගේ වගකීම වේ. නමුත් ඒ සියල්ලම දේශපාලනය විසින්ම අපට අහිමිකර තිබේ. ඒ සියල්ලම සැකසීමට තම බුද්ධිය භාවිතා කරන, දැක්ම භාවිතා කරන, ඒ වෙනුවෙන් අණපනත් නිර්මාණය කරන සත්‍යවාදී නායකයෙක් සහ කණ්ඩායමක් රටේ නායකයන් ලෙස පත්විය යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතාවැනි රාජ්‍ය තාන්ත්‍රිකව පිළිගත් නායකයන්ද ඒ අතරින් සිටිය යුතුමය.
“ඒ අනුව මැස්ලෝගේ න්‍යායන් දේශපාලනික ලෙස භාවිතාකරමින් තම ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් භාවිතා කරමින් රටක් විනාශ කල නායකයන් වෙනුවට එම න්‍යායන් රටේ මිනුසුන්, අනාගත පරපුර වෙනුවෙන් භාවිතා කල හැකි නායකයන් බිහිකරමු“
ශ්‍රී නිශ්ශංක මායාදුන්න. තරුණ සහ ප්‍රජා සංවර්ධන උපාදි අපේක්ෂක – ශ්‍රී ලංකා වීවෘත විශ්ව විද්‍යාලය. සාමාජික – පොදුරාජ්‍ය මණ්ඩලීය එක්ෂත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමය.උපදේශක, දේශක, නායකත්ව පුහුණු උපදේශක, රාවණා ලංකා පුවත්හි විශේෂාංග ලේඛක සහ රාවණා ලංකා ආයතනයේ හිමිකරු.