රනිල්ට එරෙහිව ලංකාවම නැඟී සිටින වැඩකට රනිල් අතගහලා.

1980 දශකයේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ හා සිසු විරෝධය නිසා හකුළාගත් අධ්‍යාපන ධවල පත්‍රිකාව දැන් නැවත කරළියට පැමිණ ඇති බව ලංකා ලීඩර් වාර්තා කර තිබේ

වාර්තාවට අනුව ධවල පත්‍රිකාවේ  අන්තර්ගතයට “2048 දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක් සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” නම් පිටකවරයක් දැමීමට කටයුතු යොදා ඇත.

ඒ සඳහා ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් අධ්‍යාපන ඇමැති ඇතුළත්ව අමාත්‍යවරුන් 10 දෙනෙකුගේ අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර ඇති අතර, ඊට සහභාගිවීම සඳහා 25 දෙනෙකුගෙන් සමන්විත ඊනියා විද්වත් කමිටුවක් ද පත්කර ඇත.

රහසිගතව  මෙම තීන්දු ගෙන ඇති බව සහ ඒ සඳහා 2023/4/24 දින අමාත්‍යමණ්ඩල තීන්දුවක් ගෙන ඇති බවද වාර්තා වේ.

මෙම ක්‍රියාවලියේ අවසාන අරමුණ ධවල පත්‍රිකාව නැවත ක්‍රියාත්මක කිරීම මගින් රාජ්‍ය පද්ධතිය දුර්වල කර පෞද්ගලික අධ්‍යාපනය දිරිමත් කිරීම බව ක්ෂේත්‍රයේ විද්වත්හු පවසති. 

කෙසේ වෙතත් එම සිද්ධිය ක්‍රියාත්මක වුවහොත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එරෙහිව ලංකාවෙන් 90% ක්ම මහපාරට බසිනු ඇති අතර 1980 ට වඩා වෙනස් රටක අප ජිවත් වෙන බැවින් මිනිසුන්ගේ සංවිධාන ශක්තිය ද ඉහලින්ම තිබේ. එබැවින් ජනාධිපතිවරයා කල යුත්තේ වර්තමාන ප්‍රජාව තව දුරටත් ඇවිස්සීම නොව, තිබෙන සම්පත් මත උපරිම සේවයක් සැලසෙන ස්ථිරසාර ක්‍රමයකට රටේ සැකැස්ම සැකසීමයි.

Exit mobile version