රනිල්ට හොරෙන් දියවඩන නිලමේ කරණමක් ගහන්න ලෑස්ති වෙයි. ජනාධිපති සම්බන්ධිකරණ ලේඛම්වරයෙකුත් වැඩේට හවුල්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෞද්ධ කටයුතු භාර අමාත්‍යවරයාද නොමග යවා දියවඩන නිලමේ සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් එකතුව 2025 පැවැත්වීමට යෝජිත දියවඩන නිලමේ තේරීමේ නිලවරණය ඉලක්ක කරගනිමින් විහාර සහ දේවාලගම් පනත සංශෝදනයට සූදානම් වෙමින් සිටී.

පසුගියදා මල්වතු සහ අස්ගිරි සංඝ සභාව එකතුව තිබු රැස්වීම සදහා ජනාධිපති සම්බන්දිකරන ලේඛ්ම්වරයෙකු සමග බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සම්බන්ධ වී තිබේ. මෙහිදී අවධානය යොමුව තිබෙන්නේ  2025 පැවැත්වෙන දියවඩන නිලමේ තේරීමේ නිලවරණය සදහා මල්වතු අසගිරි සංඝ සභාවේ චන්ද වලින් පමණක් පැවැත්වීමට හැකි ලෙස පනත වෙනස් කිරීමටය. මෙම සිද්ධිය සම්පූර්නයෙන්ම මෙහෙයවන්නේ වත්මන දියවඩන නිලමේවරයා විසින් බවට අපට සාක්ෂි ලැබී තිබේ. දියවඩන නිලමේවරයා වෙනුවෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් පෙනී සිටින බව අප මීට පෙරද අනාවරණය කර තිබේ. දැන් මේ සියල්ලෝම එකට එකතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වීමට උත්සාහ කරන්නේ ප්‍රාදේශීය ලේඛම්වරු අල්ලස් ගන්නා බැවින් පනත වෙනස් කල යුතු බවය. ඉන්ම කියවෙන්නේ ඔවුන් පත්ව තිබෙන්නේම අල්ලස් ලබා දී බවය.

විශේෂයෙන්ම 2025 දියවඩන නිලමේ තරගයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටින වර්තමාන දියවඩන නිලමේවරයාට මේ වන විටත් පරාජය ලැබීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වී අවසන්ය. දැන් ඔහුට තිබෙන එකම අවස්ථාව පනත වෙනස් කර මල්වතු සහ අස්ගිරි සංඝ සභාවේ ඡන්දවලින් හෝ නැවත මෙම පුටුවේ වාඩි වීමට හැකියාව ලැබෙන පරිදි පනත වෙනස් කිරීමය. නමුත් මෙම සංඝ සභාවේ ද ඡන්දය ලබාදීමට අයිතිය ඇති හිමිවරුන්ගෙන් 30 ක් පමණ මේ වන විටත් ඔහුට අප්‍රසාදය පළකර තිබේ.

මේ අතර පසුගියදා නිලවරණයෙන් පරාජයට පත් වූ වලිසුන්දර නිලමේවරයා දියවඩන නිලමේට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් විවිධ යු ටියුබ් නාලිකා හරහා ප්‍රකාශ නිකුත් කරමින් සිටී. ඔවුන්ගේ සැලසුම ප්‍රාදේශීය ලේකම්වරුන් අල්ලස් ලබාගත් බව පවසමින් දියවඩන නිලමේවරයාගේ අවශ්‍යතාවය ඉටු කිරීමය. ඔවුන් සියල්ලොම ජනාදිපති ඇතුළු පාර්ලිමේන්තුව නොමග යවා  කර ගැනීමට උත්සාහ කරනුයේ තමන්ට අවශ්‍ය ලෙස පනත සන්ශෝදනය කර ගැනීමටය.

කෙසේ නමුත් ඔවුන් තවමත් කරනුයේ බුදුදහම විනාශ කිරීමේ කටයුතුය. ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ කෙසේ හෝ රට යතා තත්වයට පත්කර ගැනීමටය. නමුත් මෙසේ ක්‍රීඩා කරන හොරු රැළගේ ක්‍රීඩා වලින් ප්‍රවේශම් විය යුතුය. ඔවුන් විවිධ සංශෝධන ගෙන් එමින් සුදානම් වන්නේ දිගින් දිගටම තම අවශ්‍යතා වෙනුවෙන් බුදුදහම විකිණීමටය. වර්තමාන ජනාධිපතිවරයා එයට නොරැවටිය යුතුය. කල යුත්තේ පනත සන්ශෝදනය කිරීම නොවේ. ප්‍රාදේශීය ලේකම්වරුන් අල්ලස් ගැනීම නතර කරවීමය.

දියවඩන නිලමේවරයා ඇතුලු දලදා මාලිගාවම මල්වතු සහ අස්ගිරි පන්සල් වලට පමනක් අයත් ස්තාන නොවේ. ඒවා රටේ සියලු දෙනාගේ උරුමයන් ය. දියවඩන නිලමෙවරයා නිලවරනයකින් තේරීම නුසුදුසුය. එසේ නම් කල යුත්තෙ අයදුම් පත් කැදවා සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීමය.

Exit mobile version