රනිල් ඇතුළු පිරිසකට වාරණ නියෝග

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

එලෙස කටයුතු කර ඇත්තේ දිවයිනේ පළාත් පාලන ආයතන කිහිපයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු 21 දෙනෙකු නෙරපාහැරීම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් පිරිස් නම් කිරීම වළක්වාලමින් වන අතර කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් අදාළ වාරණ නියෝගය නිකුත් කර ඇත.

එලෙස වාරණ නියෝග ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලිමෙන් පසුව ලබන 29 වනදා තෙක් බලපැවැත්වෙන ලෙසය.

ඒ අනුව මෙම වාරණ නියෝග නිකුත් කර ඇත්තේ පැමිණිලිවල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර ,එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එම පක්ෂයේ විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර යන අයටය.

Exit mobile version