වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු බලලෝභී පාලකයෙකු බැව් රටේ කතා බහක් නොතිබුනත්, ඔහු ජනාධිපතිවරයා ලෙස පත්වන විට රට නැවත ගොඩනගනු ඇති බවට දැඩි විශ්වාශයක් ශ්‍රී ලංකාවේ ජනතාව සතුව තිබුණි. ඔහුට අකමැතිව සිටි ජනතාවද, ලෝකයාට නොපෙන්වා වුවත් ඔහු ගැන විශ්වාසය තබාගෙන සිටියේ, ඔහු වැඩකරුවෙක් යැයි ප්‍රසිද්ධියේ කීම ලැජ්ජාවක් වූ බැවිනි.
එම ජනතා කැමැත්ත පවත්වාගෙන යමින් ඔහු රට ගොඩනගනවා වෙනුවට ඔහු ජනවිඥාණයට පයින් ගසමින් දිවුරුම් දි පැය 24 ක් ගෙවී යාමටත් ප්‍රථමව ලක්ෂ ගණනාවක් එක්ව සිටි මහජන අරගලයට පහර දීමට අණ කළේය. එදින පහර දෙන බවට පැතිර ගිය ආරංචියත් සමගම එය නොකරන ලෙස අප වාර්තා කලේ ඉන් සිදුවන්නේ තවත් හානියක් බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට තිබු ජනතා අප්‍රසාදය අහිමි වීම රටක් ලෙස අප නැවත ගැටලුවලට මුහුණ දෙන බව දුටු බැවිනි.
පහර දීමෙන් පසු සිදු වුයේ ලංකාවේ ජනතාවට රනිල් වික්‍රමසිංහ නමටත් වෛර කිරීමය. කෙසේ නමුත් තමන්ගේ නිවසට පහර දුන් පලිය ඔහු අරගලයෙන් මුදාහැරියේ ජන නායකයෙකු ලෙස හදුනාගත යුතුව තිබු තත්වය, මෙන්ම රටේ ඉදිරි පැවැත්ම ගැන අවධානය යොමු නොකරමිනි. එම අරගලය මහජන අරගලයක් ලෙස හදුනාගැනීමට වඩා ඔහුගේ නිවසට ගිනි තැබීමේ පළිය ගැනීමට ඔහු ඉක්මන් විය. ඕනෑම කෙනෙකුට එම තරහ ඇතිවන නමුත් එය බුද්ධිමත්ව කලේ නම් මහජන ගරුත්වය , ආකර්ෂණය පමණක් නොව 2024 නියත ජනාධිපතිවරයා බවට ඔහු පත්වන අතර එක්ෂත් ජාතික පක්ෂයට තනි බලයක් යටතේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තිබුණි.
රට තුල තවමත් අරගල අවසන්ව නැත. එසේ පවත්ද්දී රනිල් වික්‍රමසිංහ මහතාට නැවත ජනාධිපති බවට පත්වීමට තිබෙන ඉඩකඩ ඇහිරී තිබේ. රට නැවත ගොඩනැගීමට නම් සන්ධාන ආණ්ඩුවලින් පලක් නැති බව අප අත් විදින්නේ 2015 සිටය. සන්ධානවල සිටින නායකයන් සහ අනෙකුත් මන්ත්‍රීවරුන් මෙන්ම ඔවුන්ගේ පුද්ගලයන් සිදුකරනුයේ එම රජයේ සිට, තමන් වෙනුවෙන් ශක්තිමත් රජයක් පිහිටුවීමට විනා රට ගොඩනැගීමට නොවේ. 2015 දි පමණක් නොව වර්තමාන රජය තුලද අපට දක්නට තිබෙන්නේ දෙතුන් පැත්තකට බෙදීමකි. ඒ කිසිවක් මහජන අවශ්‍යතා ඉටුනොකරන අතර දිගින් දිගටම මහජනතාවට අකටයුතුකම් සිදු විය.
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ජනාධිපති අපේක්ෂකම පාඨලී චම්පික රණවක මහතාට ලබා දීමටත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු කණ්ඩායමක් එයට අවශ්‍ය සංධානය නිර්මාණය කරමින් සිටින බවටත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් අවසන් තීන්දුව තවමත් ගෙන නැත. මේ පිළිබඳව වූ සාකච්චාවක් පසුගිය දිනයක චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නිවසේ පැවැත්විණි.
කෙසේ නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රාජපක්ෂලා සමග වෛරයක් පිරිමසා ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද නොරහසකි. 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස කරලියට ගෙන ආවේ ඒ නිසාය. නමුත් ඇයගේ කපුකමින් මෙරටට අයහපතක් විනා යහපතක් සිදු වුයේ නැත. ඉන් සිදු වුයේ එක්ෂත් ජාතික පක්ෂය බින්දුවටම වැටීමත්, ශ්‍රී ලංකා පක්ෂයට කණ කොකා හැඩීමත් පමණි. පාස්කු ප්‍රහාරය පවා සිදු වුයේ ශක්තිමත් ආණ්ඩුවක් රටට නොතිබු බැවිනි.
එවන් පසුබිමක් තුල චන්ද්‍රිකා මැතිනියගේ මැදිහත්වීමෙන් කල එළි බසින සන්ධානයට රනිල් වික්‍රමසිංහ මහතාද කැමැත්ත පළකර, පාඨලී චම්පික රණවක මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට පෙර, රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම පාඨලී චම්පික රණවක මහතා අවධානය යොමුකළ යුත්තේ ජනතාව වෙනුවෙන් පුරා අවුරුදු 5 ක් නොබිදෙන ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබදව සොයා බැලීමයි.
එම කතාව එසේ තිබියදී, සජිත් – රනිල් එකතුවක් ගැනද කතා බහක් ඇතිව තිබෙන්නේ මීට ටික කලකට පමණ පෙර සිටමය. රනිල්, සජිත් පමණක් නොව පාඨලීලාද එකම පක්ෂයක සිටි පුද්ගලයන්ය. ඔවුන් සියල්ලෝම නැවත එකතුවන්නේ නම් පමණක් රටට ශක්තිමත් ආණ්ඩුවක් සමග ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් විපක්ෂයක් ලෙස කරලියට එනු ඇත. එසේ නොමැති නම් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවා, රනිල්, සජිත්, පාඨලී කණ්ඩායමට ශක්තිමත් විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව ලැබෙනු ඇත. කෙසේ නමුත් ලක්ෂ 55 ක් පමණ ජනතා කැමැත්තක් ලබා ගත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වනු ඇතැයි විශ්වාස කල නොහැක. නමුත් මේ වන විට එම ජනතා කැමැත්ත අඩුව තිබෙන අතර රනිල්ගේ නව සන්ධානයට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද එකතු වීමට නියමිතව සිටි.
මේ සියල්ලම දෙස බලන විට පෙනී යන්නේ, ඒවා බලය රැකගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන අපුරු ක්‍රීඩාවන් බවයි. එහිදී ඔවුන්ගේ අවසන් ඉලක්කය වන්නේ ලකුණු ලෙස මහජනතාවගේ බලය ලබා ගැනීමයි. කණගාටුවට කරුණ වන්නේ මෙරට රාජ්‍ය නිලධාරින්ද මේ ආකාරයෙන්ම එම ක්‍රීඩාවේ නිරතවීමයි.
කෙසේ නමුත් රනිල්, සජිත්, පාඨලී එකම කණ්ඩායමක් ලෙස පෙනී සිටීම ස්ථිර වශයෙන්ම ශක්තිමත් මහජන ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබේ. ඔවුන් එසේ එකතුවෙද්දී, ජනතා විමුක්ති පෙරමුණ ස්ථීර වශයෙන්ම විපක්ෂයේ අසුන් ගනු ඇත. කෙසේ නමුත් පොදුජන පෙරමුණද මන්ත්‍රී ආසන 30 ක් වත් ගනු ඇත. වර්තාමන මොහොතේ මෙසේ තිබුණත් ඉදිරියේ මේ සියලුම අනාවැකි වෙනස් විය හැකිය.
කෙසේ නමුත් රාජ්‍ය පරිපාලන සේවයෙන් අති බහුතරයක් එකතුව සිටින්නේ පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුව සමගය. ගුරුවරු ඇතුළු අති බහුතරයක් සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ජනතා විමුක්ති පෙරමුණ සමග එකට හිටගෙන සිටි. නමුත් ගෝඨාභය විසින් රාජ්‍ය සේවයට බදවා ගත් කණ්ඩායම මේ වන විට ස්ථීර කරමින් සිටි. ඔවුන්ගේද කැමැත්ත හිමිවන්නේ පොහොට්ටු පක්ෂයටය.
එසේම රනිල්, සජිත්, පාඨලී තුන් කට්ටුව එකතුව ආණ්ඩුවක් පිහිටෙව්වොත්, එම ආණ්ඩුවට නිසි ලෙසම මහජනතාව වෙනුවෙන් වැඩකිරීමට සිදුවෙනු ඇත. හොරුන්ට දඩුවම් දීමට ද සිදුවනු ඇත. එසේ නොවුනහොත් 2029 දි ස්ථිර වශෙයන්ම ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු ගනනාවකට පෙරළිය නොහැකි ආණ්ඩුවක් පිහිටුවනු ඇත. රනිල්, සජිත්, පාඨලී තුන් කට්ටුව එකතු නොවී ජනාධිපතිවරයෙක් පත් කිරිම ලෙහෙසි නොවනු ඇත. එයට හේතු ගනනාවක් තිබේ. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ ද ඉදිරියේදී දෙකඩ වීමට ඉඩ තිබෙන බවද අපට පෙනෙන්නට තිබේ. එයද දේශාපලන ගේම් එකකි.
කෙසේ වුවත් රටට අවශ්‍ය බෙදීමක් නොව. එකතු වීමකි. බෙදීම් භයානක විපත් ගෙන දෙන බව අප දැනටමත් අත්විද තිබේ. පාස්කු ප්‍රහාරය සිදු වුයේ බෙදීම් නිසා වන අතර අරගලයන් සිදුවන්නේ අදක්ෂ නායකයන් නිසාය. වර්තමාන ආණ්ඩුව තුල තිබෙන බෙදීමද සුදුසු නැත. එයද භයානක විපත් ගෙන දීමට සමත් වේ. බලය වෙනුවෙන් පොරකන්නෝ ඕනෑම නීතිවිරෝදී ක්‍රියාවක් සිදුකර, බලය ලබා ගැනීමට පාර කපා ගනිති. එබැවින් අපට ස්ථීර වශයෙන්ම අවශ්‍ය වන්නේ පක්ෂ, පාට වශයෙන් නොබෙදූ රටක් බැවින්, එය බිහිකිරීම වර්තමාන ජනාධිපතිවරයාගේ පරම , පිවිතුරු චේතනාවක් වන්නේ නම්, රටට හිතැති මිනිසුන්ගේ බලාපොරොත්තුව වන්නේ එයමය.
ඒ අනුව මහජන ඉල්ලීම් නිසි ලෙස තේරුම් ගෙන, කේලාම්වලට වඩා සත්‍ය මත හිටගෙන, වඩාත් ප්‍රජාතාන්ත්‍රික ලෙස, ගැටළු තිබෙන සියලුම ස්ථාන හදුනාගෙන ඒවාට ක්ෂනික විසදුම් ලබා දෙමින් සක්‍රීය වීම තුලින් සහ ඒවා තේරුම් ගෙන කටයුතු කළහොත් ඉදිරි ජනාධිපතිවරණයෙදී තනි බලයක් පිහිටුවා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබේ.
උදාහරණයක් ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස මානව හිතවාදී පුද්ගලයෙකු පත් කිරීම, යුද්ධ හමුදාව තුල තිබෙන ගැටළු මෙන්ම යුද්ධ හමුදාධිපතිගේ අධිකරණ තීන්දු වලට පයින් ගැසීම, වැඩබලන පොලිස්පතිවරයාගේ ගැටළු, රාජ්‍ය සේවයේ නීති විරෝදී ක්‍රියාකාරකම් වලට සෘජුවම ක්‍රියාත්මක වීම තුලින් මේ සියල්ලම වෙනස් කල හැකිය. විශේෂයෙන්ම මිනිස්සුන්ගේ ණය බර නිදහස් කිරීම ආදී ඉතාම වැදගත් කටයුතු වලට අවධානය යොමු කිරීම, ඒවායින් මිදීමට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතුය. එසේම ඒවා මැතිවරණ ඉලක්ක සේ ක්‍රියාත්මක නොවිය යුතුය. ඉතා සරලව සටහන් කරන්නේ නම් සියලුම යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය අතට ගෙන කටයුතු කිරීමෙන් මේ සියල්ලම වෙනස් කල හැකිය. එසේ සිදුකරන්නේ නම් ඒ සියල්ලම ජනතා හිතවාදී බුද්ධිමත් තීරණ විය යුතුමය.