2015 වර්ෂයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වීමන් පසු පොදු අපේක්ෂකයා ලෙස පත් වුයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඒ එක්ෂත් ජාතික පක්ෂයේ චන්ද වලිනි. නමුත් මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එම රජයේ අගමති වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව වැඩි කලක් නොගිහින් දෙදරා ගියේය.එම දෙදරා යාමෙන් දුක් වින්දේද ශ්‍රී ලාංකිකයන්මය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වූ විට මහින්ද රාජපක්ෂ මහතාගේ අධාරකරුවන් ප්‍රකාශ කලේ “ මෛත්‍රීත් අපේ කෙනෙක්” කියාය. අවුරුදු කිහිපයක් ගත වන්නටත් පෙරම එම කතාව සත්‍යයක් වෙමින් ඔවුන් නැවත එකටම දින 51 ක් ආණ්ඩු කළේය. නමුත් මෙරට දුක් විදින ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලැබුනේ නැත.
අද සජිත් ප්‍රේමදාස මහතා විසින් පොහොට්ටුව දෙකට කඩා තිබේ. එසේ කරමින් ඩලස්ට චන්දය දීමට එකඟ විය. පොහොට්ටුවෙන් භාගයක් ඩලස්ට සහ භාගයක් රනිල් වික්‍රමසිංහට විය හැකිය. ඔවුන්ගේ චන්දය ප්‍රකාශ වන්නේ කාටදැයි දන්නේ ඔවුන්ම පමණි. ඩලස් ජනාධිපති වුවත් රාජපක්ෂලාට එරෙහිව යමක් සිදුවන්නේද නැත. රනිල්ද එසේ නොකරන ජනගත වුයේ අවුරුදු ගණනාවක සිටය. නමුත් ඩලස් ගැන එසේ සිතන්නට තරම් ශක්තියක් හෝ මතයක් ගොඩ නගන්නට කාලයක් තිබුනේ නැත. ඔහු නිහඩවම සිට සියල්ලම කිරීමට සමත්ව තිබේ. ඔහුට එරෙහිව ගෙතු සමාජ මතවාදයන් ගොඩනැගීමට කාලයක් තිබුනේ නැත. එය ඔහුගේ වාසියට හේතු විය.
රනිල් ජනාධිපති වුවහොත් දිනේෂ් හෝ පොහොට්ටුවේම අයෙකු ජනාධිපති වනු ඇත. ඩලස් ජනාධිපති වුවහොත් සජිත් හෝ ජි එල් හෝ වෙනත් අයෙකු අගමැති වනු ඇත.
මේ අය අතරින් කවුරු දිනුවත් ගැටළුවක් නැත. රනිල් පමණක් නොවේ ඩලස් ද රාජපක්ෂවරු සමග සමීප සබඳකම් තිබේ. බාගයක් රනිල්ට ගියත්, බාගයක් ඩලස්ට ගියත් දෙපැත්තේම බෙදී තිබෙන්නේ පොහොට්ටුවේම මන්ත්‍රීවරුන්ය. ඩලස් ජනාධිපති වන්නේ නම් ඒ සජිත්ගේ පිලි චන්ද මතය. ගැටලුව වන්නේ ශ්‍රී ලාංකිකයන්ට මේව ගැන හිතන්නවත් මොලයක් නැති වීමයි. ප්රශ්නය වන්නේ ජනාධිපති වන්නේ කවුරුන්ද යන්න නොවේ?. ආණ්ඩුව පිහිටුවන්නේ කවුද යන්න නොවේ. මේ අරාජික දේශපාලනය ගැන හිතන්නට බුද්ධියක් මෙරට ජනතාවට නොමැති වීමයි.
කවුරු දිනුවත් ඔවුන්ට ගමන් කරන්නට වන්නේ “ ගල් බොරළු කටු “ මතිනි. නිසි ලෙස ජනතා අවශ්‍යතා ඉටු නොවුන හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වුවාට වඩා දැඩි හානියක් පිහිටුවන ආණ්ඩුවේ මැති ඇමතීන් සහ මන්ත්‍රීවරුන්ට සිදුවනු ඇත. එය වටහාගෙන, පත්වන ජනාධිපති , අගමැති ප්‍රමුක කණ්ඩායම ජනතාවට අතර පැමිණ වැඩ කල යුතුව තිබේ. කවුරු ජනාධිපති වුවත්, කවුරු රජයක් පිහිටුවුවත් අපගේ ඉල්ලීම සහ ප්‍රාර්ථනාව ඔවුන්ගේ පුද්ගලික න්‍යාය පත්රයන් පසෙක ලා රට ගොඩනැගීමට කටයුතු කරන ලෙසයි. එසේම අප ඔවුන් සියලුම දෙනාට එසේ සිතීමට බුද්ධිය සහ ශක්තිය ලැබේවා යන්න සුබපැතුම් එක් කරන්නෙමු.