රනිල් සහ රටේ මිනිස්සු හිඟා කද්දී, මහබැංකු අධිපති ඇතුළු කණ්ඩායම නීතියට පිටින් සුපිරි ගැහිල්ලක!.

රට ජනතාව දුක්විඳින අතර සාමාන්‍ය රාජ්‍ය සේවකයෝද ඒ හා සමානවම දැඩි පිඩනයකින් ජීවත් වෙති. ඒ අතරේ ජනපති රනිල් වික්‍රමසිංහ ලෝකේ පුරා හිඟා කන බෑවද ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ අතර අප දිගින් දිගටම පෙන්වා දුන්නේ උසස් රාජ්‍ය නිලධාරීන්ට රට ගැන හැඟීමක් හෝ රටේ කිසිදු මිනිසෙක් ගැන කැක්කුමක් ඔවුන්ට නැති බවයි. අප දිගින් දිගටම පෙන්වා දුන්නේ, ඔවුන් යනු දැඩි ආත්මාර්තකමින් බවයි. ඒ අතරතුර මොනරා වර්තාකර තිබෙන්නේ මහබැංකුවේ අධිපතිගේ සිට, අතුගාන කම්කරුවා දක්වාම නීතිවිරෝදී ගැහිල්ලක් සිදුකරගෙන තිබෙන බවයි.

එනම් පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන තිබීමයි. එය වංචාවක්, දුෂණයක් මෙන්ම මහජන මුදල් නීතිවිරෝදී ලෙස භාවිතා කිරීමකි.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස වැටුප් ඉහළ නැංවීම කර ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මුදල් මණ්ඩලය විසිනි.

ඒ අනුව මහ බැංකුවේ ඇතැම් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප රුපියල් 712,179කින් නංවා තිබෙන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුට මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු දීමනා සහිතව මසකට රුපියල් දහසය ලක්ෂ අසූහත්දහස් එකසිය හතළිස් හතරයි සත පනස්හයක (1,687,144.56) ක වැටුපක් ලැබීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුර, කළමනාකාර සහකාර, ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආදී තනතුරු රැසක දෙගුණයකින් වැටුප් වැඩිකර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුරේ පළමු ශ්‍රේණියේ සේවකයකුගේ මීට පෙර මූලික වැටුප රුපියල් 34,235.00 ක් වූවත්, සියලු දීමනා සහිතව එම තනතුරට ලැබුණ මාසික වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස්හතරදහස් හැත්තෑහයයි සත හයකි.

නමුත් නව වැටුප් වැඩිවීමට අනුව එම තනතුරේ මූලික වැටුප රුපියල් 55,805.00 දක්වා, එනම් රුපියල් 21570.00 කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව සියලු දීමනා සහිතව දැන් එම තනතුරේ සේවකයකු ලබන මාසික වැටුප රුපියල් එක්ලක්ෂ අසූතුන්දහස් තුන්සිය අසූඅටකකි (183388.00)

තව ද කළමනාකාර සහකාර පළමු ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප සියලු, දීමනා ද සහිතව රුපියල් 62,797කින් වැඩි වී ඇති අතර, ඔවුන්ගේ පෙර පැවැති මූලික වැටුප රුපියල් 57035.00 ක් වුවත්, නව වැටුප් වැඩිවීම සමග ඔවුන්ට දැන් මාසිකව රුපියල් 235,035ක වැටුපක් ලැබෙනු ඇත.

එසේ ම පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ අසූහතරදහස් පන්සිය හැටනවයයි සත අසූවකින් (184569.80) ඉහළ ගොස් තිබෙන අතර අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ වැටුප ද රුපියල් පන්ලක්ෂ විසිදෙදහස් තුන්සිය පනස් නවයකින් (522,359.00 ) වැඩිකර ඇත.

තව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික සේවකයන්ගේ වැටුපද සියයට හැත්තෑවකින් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබෙන අතර, ඒ අනුව විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 55,000කින් පමණ වැඩි වීමට නියමිතය.(source – monara)

Exit mobile version