රඹුක්කන මිනිසුන් කුපිත කල ෂෙඩ් එකේ හිමිකරු කවුද?. ජර මර අස්සේ පොලිස්පති ගෙදර යැවීමට සැලසුම්.

මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන්නේ මහජන සේවය උදෙසා මිස මහජනතාව මරා දැමීමට නොවේ. ලැබෙන තොරතුරුවලට අනුව එම සිද්ධිගත ඉන්ධන බවුසරය තුල දින තුනක් තිස්සේ ඉන්ධන ටැංකි වලට පුරවා නැත්තේ ඉංධන මිල ඉහල යන තෙක් බවට තොරතුරු ඊයෙම කියැවිණි.

පොලිස් අමාත්‍යවරයා අද ප්‍රකාශ කලේ වෙඩි තැබුවේ නැතිනම් රඹුක්කනක් සොයා ගැනීමට නොහැකි වන බවයි. නමුත් එසේ වීමට හේතුව කුමක්ද?. දින තුනක් තිස්සේ ජනතාව පිඩාවට පත් කල සිද්දිය කුමක්ද?. මේවා වසන් කිරීමට සිතන්නේ නම් එයින් කියවෙන්නේ තවමත් මෙරට දේශපාලන අධිකාරියේ මොලය වැඩ කරන්නේ ඔල මොට්ටල ලෙස බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා විසින් මේ වන කමිටුවක් පත් කර තිබෙන්නේ වෙඩි තැබීමේ සිද්ධිය ගැන සොයා බැලීමටයි. නමුත් එම ලිපියේ ඇතුලත් විය යුත්තේ එම සිද්ධිය පිලිබඳව සම්පූර්ණයෙන්ම සොයා බැලීම සදහා වන කමිටුවක් ලෙසයි.

ඕනෑම අවස්ථාවක සිද්දියක් සිදු වේ. සිද්ධිය යනු අවසන් ප්‍රතිපලයම නොවේ. රඹුක්කන වෙඩි තැබීමට පෙර සිදු වූ සිදු වීම් ජාලාවක් තිබේ. රඹුක්කන ෂෙඩ් එකේ හිමිකරු මිනිමරු දේශපාලකයෙක්ද?.  ජනතාව දුම්රිය මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමට හේතුව කුමක්ද?. දින කිහිපයක් තිස්සේ ටැංකි වලට ඉංධන පුරවන්නේ නැතිව මිල වැඩි කරන තෙක් බවුසරයේම තබා ගත්තේ ඇයි?. එසේ කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවසර දී තිබේද?. මේ ආදී ප්‍රශ්න ගණනාවක් විමර්ශනයට ලක් විය යුතුය.

පොලිසිය වෙඩි තැබූ සිද්ධිය දෙස අවධානය යොමු විය යුත්තේ ඉන් අනතුරුවයි. මහජනතාව සහ පොලිසිය අතර ගැටුමක් ඇති කිරීමට කුමන්ත්‍රණය කල පුද්ගලයා කවුද?. වෙඩි තැබීමට අන දුන්නේ කවුද?. විවිධ චෝදනා වලට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට ගෙන්වුයේ කවුද? මේවා සියල්ලම පිළිබදව විමර්ශනය විය යුතුය . සියලුම අපරාධ සිදුකර ඔවුන්ට සැගවීමට ඉඩ දිය නොහැක.

මේ සිද්ධිය යට ගැසීම සදහා මේ වන විට පොලිස්පතිට ඉවත් වන ලෙස බලකරන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. පොලිස්පති ඉවත් කිරීමට පෙර මේ සිද්ධියෙහි මුල් අවස්ථාව රටට එළිදරව් කිරීමෙන් පොලිසියට සිදු වූ හානිය යම් තාක් දුරට නිවැරදි කිරීමට හැකි වනු ඇත. එහෙත් වෙඩි තැබීමෙන් සිදු වූ හානියට අදාළ නිලදාරීන් වග කිව යුතුය. එය සිදුවන්නේ මුල සිද්ධියේ පලයක් ලෙසිනි.

මේ සිද්ධිය තුල ඇති හරය ජනතාවට සහ රටට සැඟවීමෙන් පොලිස් නිලදාරීන්ගේ සහ හමුදා නිලධාරීන්ගේ ජීවිත දිගින් දිගටම අනතුරුදායක වනු ඇත. එබැවින් මේ සිද්දියේ මුල වහාම රටට හෙළි කල යුතුය. දේශපාලකයන් විසින් විනාශ කල රට තව දුරටත් විනාශ කිරීමට ඉඩ දිය නොහැක.

අපට ලැබුන තොරතුරට අනුව වෙඩි තබන ලෙස නියෝග කර තිබෙන්නේ කැබිනට් ඇමති කෙනෙකි. ඒ හැර පොලිස්පති නොවේ. එසේ වුයේ නම් කැබිනට් ඇමති සහ වෙඩි තැබීමට අණ  දුන් පොලිස් නිලදාරියා සහ වෙඩි තැබූ පුද්ගලයන් මේ පිළිබඳව වග කිව යුතු නොවේද?. පොලිස්පති මාරුකරමින් මෙහි සත්‍ය වසන් කිරීමට ඉඩ දිය යුතුද?.  වෙඩි තබන ලෙස නියෝග කල අදාළ ඇමති කවුද?. බොරදියේ මාළු බෑමට තව දුරටත් උත්සාහ කිරීම වරදකි. එම වරදට දඩුවම් විදිය යුත්තේ ෂෙඩ් එකේ හිමිකරුගේ සිට වෙඩි තැබීමට එන දුන් උසස් පොලිස් නිලධාරියා දක්වාය. ඒ හැර සිද්දිය සිදු වී පය 24 ක් යන්නටත් මත්තෙන් පොලිස්පති ඉවත් කරන ලෙස අන්තර්ජාල පණිවිඩ හුවමාරු කිරීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමහර පොලිස් නිලධාරින්ගේ නින්දා සහගත ක්‍රියාවලියේ තිබෙන බැරෑරුම් කමයි.

මේ වන විට ජනාධිපතිට එකින් එක ගැටගැසෙමින් ප්‍රශ්න වැඩි වෙමින් තිබේ. තිබෙන ප්‍රශ්න විසදාගැනීමට නොහැකිව තිබියදී තවත් ප්‍රශ්නයක් ඇති කල ෂෙඩ් එකේ හිමිකරුගේ සිට ඉහලට සියලුම දෙනාට දඩුවම් ලබා දීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට පොලිස්පතිට නියෝගයක් නිකුත් කිරීමද ජනාධිපතිගේ යුතුකම සහ වගකීමද වේ.

පොලිස්පති තුමනි, මෙම ඉන්ධන පිරවුම්පොල කාගේද?. දින තුනක් තිස්සේ ඉන්ධන ටැංකි වලට පුරවා නැත්තේ ඇයි?. ආර්ථික වාසියක් ලබා ගැනීමේ අරමුනින් මෙය සිදුකල පුද්ගලයා කවුද?. එම ස්ථානයට පොලිස් අධිකාරිවරයෙකු ගෙන්වුයේ කවුද?. එම පොලිස් නිලධාරියාම ගෙන්වුයේ ඇයි?. මේ ප්‍රශ්න අසන්නේ ජනතාවයි.  ජනතාව කුපිතකරවමින් නැති ප්‍රශ්න ඇති කරමින් මහජන කැළඹීමක් ඇති කරමින් ජනාධිපති ප්‍රමුඛ රජය අප කීර්තියට පත් කිරීමට එරෙහිව ඔවුන්ට නඩු පවරන්නේද?. ජනතාවත් පොලිසියත් අතර ගැටුමක් ඇති කල අදාළ පුද්ගලයන් වහාම රටට හෙලිකිරීම ඔබගේ වගකීම වේ. ජනතාව මෙන්ම පොලිස් නිලදාරින්ද මහපාරේ දුක් විදින එකම කුලකයේ මිනිසුන් බව අමතක නොකරන්න. දිනකට සිය ගණනක් උද්ඝෝෂණ ඉතාම සාමකාමිව අවසන් කරවන පොලිස් නිලදාරීන්ගේ අතරට පැමිණ මේ සියල්ලම කණපිට හරවන අදාළ පුද්ගලයන් රටට හෙළි කරන්න.  මේ පිළිබඳව ඔබෙන් ප්‍රශ්න කිරීම සඳහා  මාධ්‍ය සාකච්චාවක් ලබා දෙන්න.  එසේ නොමැතිනම් අප අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න. එවිට තව බොහෝ දේ අනාවරණය කර ගත හැකි වනු ඇත.

අසං සෙනෙවිරත්න

ගාල්ල

Exit mobile version