ඉන්ධන මිළ ඉහල යාම මුල් කරගනිමින් රඹුක්කන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් සිදු කරනු ලැබූ විරෝධතාවය පොලීසිය මැදිහත්වීමෙන් විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී එය අවසන් වුයේ නිරායුධ විරෝධතාකරුවෙකුට සිය දිවිය අහමි කරමින් ය.
මාධ්‍යවේදී ධනංජය නාරන්බැද්ද විසින් life travellar සමාජ මාධ්‍ය නාලිකාව ඔස්සේ ඉහත සිදුවීමට අදාළව සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වූ තරුණයාට සිදු වූ අකටයුතුකම් පිළිබදව වාර්තා කර ඇත.
මාධ්‍යවේදී ධනංජය නාරන්බැද්ද වැඩිදුරටත් සදහන් කරන්නේ රඹුක්කන සිද්ධියට අදාළව කිසිවෙක් සාක්ෂි ලබාදීමට ඉදිරිපත් නොවූ බවත් අවසානයේ සුසන්ත අනුරකුමාර නමැති තරුණයා නීතිඥ සංගමයේ ආරක්ෂාව මත සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වූ බවයි.
මෙසේ සාක්ෂි ලබා දීමට සිටියදී හදිසියේම අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම තරුණයාව අත්අඩංගුවට ගත් අතර එම තරුණයාව අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ රඹුක්කන සිදුවීමේ සැකකරු ලෙසයි.කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සිදුවීම පිලිබදව කරුණු විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් තොරතුරු ලබා දී ඇති බවයි.
අනතුරුව නීතිඥ සංගමය විසින් එම තරුණයාට ඇප ලබාගැනීමට කටයුතු කළ බවත් ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් අකටයුතුකම් පිළිබද අනාවරණයක් ද සිදු කර ඇත.
රඹුක්කන සිද්ධිය පිළිබදව අප වාර්තා කළ පුවත.