රඹුක්කන සිදුවීම පිටුපස අගමැති ප්‍රධාන ආරක්ෂක නෙවිල්… රටේ ආරක්ෂාව…. ජනතාවගේ ආරක්ෂාව මැරයන් සතුද? (වීඩියෝ)

රඹුක්කන සිදුවීමට සම්බන්ධ හිටපු කෑගල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න තවමත් සේවයෙන් ඉවත් කර නැති බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල මහතා පෙන්වාදෙයි.

ඔහු සදහන් කළේ මෙම හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න යනු ව්‍යාජ අධ්‍යාපන සහතික පවා සකස් කර ඉදිරිපත් කර පොලිස් සේවය සඳහා බැඳුණු අයෙක් බවයි.

නිසි අධ්‍යාපනයක් නොලද මෙවන් නුගත් නිලධාරීන් පොලිස් සේවයේ රඳවා තබා ගැනීම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම මහත් නිගාවක් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

රඹුක්කන සිදුවිම් දාමය තුළ අවධානයට ත්‍රීවීලර් රථයකට ගිනි තැබීම, තෙල් පිරවුම්හලට ගිනි තැබීම ආදී සියල්ල පොලිස් නිලධාරීන් විසින් ම සිදුකර ඇති බවත් මෙම තත්වය මූලික වශයෙන් ඇති කරන ලද්දේ කෑගල්ල පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වන බවත් සාක්ෂි සහිතව ඔප්පු වි ඇති බව ද ඒ මහතා සදහන් කරයි.

මෙම සිදුවීම දැක්වෙන CCTV දර්ශන පවා මේ වන විට විනාශ කර ඇති බව ද සඳහන් වේ.

එමෙන්ම මීට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂකවරයා වන නෙවිල් වන්නිආරච්චි ද මෙම සිදුවීමට සම්පූර්ණයෙන් වගකිවයුතු යුතු බව ද අජිත් ධර්මපාල මහතා පෙන්වා දෙයි.

රටක, ජාතියක ආරක්ෂාව පැවැරී ඇති පොලිස් දෙපාර්තමේන්තුව ද මෙසේ අහිංසක මිනිසුන් බිළි ගන්නා තත්ත්වයක් තුළ මහජනතාව වන අප අපගේ ආරක්ෂාව කෙසේ සනාථ කර ගන්නේද…

Exit mobile version