දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.
සංචාරක පෙදෙස්වල මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බව කී තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතු බවට සඳහන් කර තිබේ.
සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙන්නේ යැයිද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.