රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ ඉහළ ගොස් ඇති රසායනික පොහොර මිල ගණන් පාලනය කිරීමට අවශ්‍ය වැඩපිළීවෙළ රජයේ පූර්ණ මැදිහත් වීමෙන් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.
ලෝක වෙළඳපොළේ රසායනික පොහොර මිගල ගණන් සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට පෞද්ගලික අංශය විසින් ආනයනය කරනු ලබන පොහොරවල මිල ගණන් ද ඉහළයන බවයි රාාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොවිජනතාවට අවශ්‍ය කරන පොහොර ඉහළ ප්‍රමිතියකින් යුක්තව ඉදිරියේ දී ලබා දීමට රජය කටයුතු කරන බවයි.