දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (16) උදෑසන කරාඩුගල පිහිඹියාව ප්රදේශයේ ගල්ඔයේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවයි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ 53 හැවිරිදි බිබිල අඩවි වන කාර්යාලයට අයත් ක්ෂේත්ර නිලධාරියෙකි.
බිබිල අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් පිහිඹියාව ප්රදේශයේ වැටලීම් රාජකාරියක් සඳහා ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව දැනට සිදුකර ඇති විමර්ශනවලදී හෙළිවී තිබේ.
අතුරුදන්වූ නිලධාරියා සොයා නාවික හමුදාව සහ පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.