තමාගේ වැඩ මුරය නිම වීමෙන් අනතුරු ව තමන්ට සිය ආයතන ප්‍රධානින්ගෙන් ලැබෙන අසාධාරණ දුරකථන ඇමතුම් සහ පණිවුඩ නොසලකා හැරීමේ අයිතිය තහවුරු කිරීමේ නව නීතියක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියාව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
එම නීතිය උල්ලංඝනය කරන හාම්පුතුන්ට එරෙහි ව දඩ නියම කිරීමට ද එහි ප්‍රතිපාදන පවතින බව වාර්තා වේ.
එරට කර්මාන්ත ක්ෂේත්රයට අදාළ නීති කිහිපයක් සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති අතර “right to disconnect” යන නව නීතිය ඒ යටතේ හඳුන්වාදීමට නියමිත බව සදහන්.
නව නීතිය මගින් සේවකයින්ගේ රැකියාව සහ ජීවිතය අතර සමතුලිතතාව ඇති කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අනුමාන කෙරේ