රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි (නොවැම්බර් 14 වැනිදා) තීන්දු කළේය.කවදත් අප අධිකරණයට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
මෙහිදී මූලික අයිතිවාසිකම් වලදී සලකා බලනු ලබන්නේ ලිඛිත පෙත්සම් හා ලිඛිත සාක්ෂි පමණක් බවත් සාක්ෂි කැදවීමක් නොකරන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
මෙහිදී දීර්ඝ වශයෙන් හා ගැඹුරින් මේ ආර්ථික අර්බුදය පිලිබදව සාකච්ඡා කරනවානම් සුදුසුම තැන වන්නේ පාර්ලිමේන්තුව බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
මූල්‍ය බලතල,නීති සම්පාදනය, නීති පැනවීම, නීති ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව වන අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මේ ආර්ථික අර්බුදය ගැන ගැඹුරින් සොයා බැලිය හැකි බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
තවද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් සෑම ක්ශේත්‍රයක්ම ආවරණය වන පරිදි සාක්ෂි කැදවීමක් සිදු කිරීමට හැකිබවත් නාමල් රාජපක්ෂ පවසයි.
දැනටමත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මෙම ආර්ථික අර්බුදය පිලිබදව සොයා බැලීමට පත්කර ඇති බවත් එමගින් වඩාත් පුළුල් පරාසයක සිට සාක්ෂි කැදවීමට හා හරස් ප්‍රශ්න ඇසීමට හැකිබවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසයි.