රාජපක්ෂවරුන් සමග ලොහාන් රත්වත්ත රත්නපුරේ දූෂිතව මැණික් ගරනවා. රාජ්‍ය සේවකයනුත් එකතුවෙලා – පැමිණිල්ලක්.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා සහ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ යන අය දූෂිත මැණික් ගැරීමේ ජාවාරමක නිරතවන බවන බවට කිරිඇල්ලේ එක්ෂත් මැණික් පතල් කරුවන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

රත්නපුර හැරනියාවක සහ මඩබද්දර ප්‍රදේශවල කළුගගේ මෙම දූෂිත මැණික් ගැරීමේ ව්‍යාපාරය කරගෙන යන බවද ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි පාරිසරික හානියක් සිදුවන බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

එසේම විගණකාධිපති විසින්ද මේ පිලිබදව විගණන වාර්තාවක් මගින් පෙන්වා දෙමින් එම ව්‍යාපෘතිය නීතිවිරෝදී බව පෙන්වා දී තිබෙන බවද එම ලිපියේ සදහන් වේ.  එසේම සමුෘද්ධි සහනාධාර ලබන අහිංසක ගම් වැසියන් යොදාගෙන මෙම ක්‍රියාව සිදුකරන බවද, ඉතාම ඉහල වටිනාකමක් ඇති මැණික් සියල්ලම මෙම ජාවාරම් කල්ලිය හොරෙන්ම ලබා ගන්නා බවද එහි සදහන් වේ.

එසේම මේ සදහා දැඩි මහජන විරෝධතාවයක් පවතින බවද, එය යටපත් කිරිම සදහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විසින් “ මේ සදහා රාජපක්ෂවරුන් සම්බන්ධයි “ යනුවෙන් ප්‍රකාශ කරන බවද එහි සදහන්ය. එසේම ලොහාන් රත්වත්ත මහතාගේ පුතුන් දෙදෙනෙකු වන චානුක රත්වත්තේ සහ ජොහාන් රත්වත්ත යන දෙදෙනාද දිනපතාම මෙම ප්‍රදේශයට පැමිණෙන බවද, ඔවුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ එය සිදුවන බවද ඔවුන් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එසේම මෙම වැඩ බිමට රන්ලන්කා නමැති ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියට අයත් ආරක්ෂක අංශයේ සේවයද සපයා තිබෙන බව කිය වේ.

ඒ අනුව මෙම දැවැන්ත මහා පරිසර විනාශය නැවැත්වීමට කටයුතු කරන ලෙසද, ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටි.

කෙසේ වුවත් එම ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ රාජපක්ෂවරුන්ගේ නම් විකුණමින් මෙම ජාවාරම කන නමුත් ඒ සදහා සම්බන්ධ වී සිටින්නේ ලොහාන් රත්වත්ත ඇතුළු කණ්ඩායමක් බවයි.

ඇහැලියගොඩ සුපුන් ධර්මසේන විසිනි.

Exit mobile version