ශ්රී ලංකාව මේ වන විට පත්ව තිබෙන තත්වයෙන් බේරා ගැනීම සදහා විදේශගත ශ්රී ලාංකිකයන් කටයුතු සංවිධානය කර තිබේ. නමුත් ඊට පෙර රාජපක්ෂ නාමයෙන් සිටින ඔවුනුත් ඔවුන්ගේ සියලු හිතවතුන් මෙන්ම හමුධාපතිද ඉවත්විය යුතු බව ඔවුන් සදහන් කරයි.
මේ පිලිබඳව විදේශගත ශ්රමිකයන් මෙන්ම විදේශයන්හි පදිංචි ශ්රී ලාංකිකයන් තම මුහුණු පොත්වලද සදහන් කර තිබේ.
කෙසේ වුවත් මෙරට නැවත ගොඩ ගැනීමට බොහෝ දේ කිරීමට ශ්රී ලංකාවේ විදේශගත පුද්ගලයන්ට හැකියාව තිබේ. තව දුරටත් මේ ප්රශ්නය නොවිසදී තිබීම තුල හෙට දවස අවිනිශ්චිතව ගත කිරීමට සිදුව තිබේ.
මේ වන විට ශ්රී ලාංකිකයන් දහස් ගණනක් විවිධ පීඩාවන් වලට ලක්ව සිටි. පිළිතුරක් හෝ විසදුමක් නොමැතිව, අනාගතයක් නොමැතිව, කුසට ආහාරයක් සොයා ගැනීමට නොහැකිව ඔවුන් පීඩා විදිති. ඊට අමතරව ණය බරින්ද ඔවුන් පීඩා විදිති.
සියලු වගකිව යුත්තෝ මේ පිලිබඳව නිසි අවධානය යොමු නොකිරීමෙන් සිදුවන්නේ තව තවත් ප්රශ්න ඇතිවීම පමණි.
ශ්රී නිශ්ශංක මායාදුන්න.