රාජපක්ෂ තවත් පුරුකක් යළි දිවයිනට.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ ඇත.

හිටපු අමාත්‍යවරයා රැගත් EK – 650 ගුවන් යානය පෙරවරු 08.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බව වාර්තා වේ.

මේ වන විට වාර්තා වී ඇත්තේ  බැසිල් රාජපක්ෂ මහතා අද (20) දිවයිනට පැමිණීමෙන් අනතුරුව අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ පා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දේශපාලන ක්‍රියාවලිය වෙනුවෙන් සිය පක්ෂයේ සංවිධායක කටයුතු සිදු කිරීමට නියමිතව ඇති බවයි.

දිවයිනට පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා පොදුජන එක්සත් පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇත.

මෙම දේශපාලන ආගමනයෙන් ඉඟි කරන්නේ යළිත් වරක් දේශපාලන භීෂණයක් මෙරට තුළ ආරම්භ වීමට නියමිත බවයි.කෙසේ නමුත් මේ වන විට ජනතාවගේ මොළ ගෙඩි පෑදෙමින් පවතින බැවින් යළිත් මෙම රාජපක්ෂ පරපුරට රටේ ජනතාව රැවටීමට අවස්ථාව නොලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැක.

බැසිල් රාජපක්ෂ යනු හිටපු අමාත්‍යවරයෙක් විනා ඔහු මේ වන විට පාලන ක්‍රියාවලියේ සිටින්නෙකු නොවේ.පසුගිය කාලසීමාව තුළ ජනතාව විසින් පන්නා දමන ලද මෙම පාලකයින් යළිත් දිවයිනට කෙමෙන් කෙමෙන් ළඟා වන්නේ  යළි රාජපක්ෂ පාලනයක් ඇති කිරීමට විය හැක.

පසුගිය කාලය පුරාවට ජනතාව මහත් වූ කම්කටොළුවලට මුහුණ දුන් ප්‍රමුඛ හේතුව මොවුන් බව ජනතාවට තවමත් මතකයේ පවතීවායි අපේක්ෂා කරමු.

Exit mobile version