පිරිවෙන් අධ්‍යාපන අධ්යක්ෂ තනතුරට නුසුදුස්සන් පත්කරන්න දේශපාලකයො මාන බලනවා –
මහානායක හිමිවරුනෙ පෙරට එන්න.
පුත්තලම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි
වර්ථමානය වනවිට පිරිවෙන් අධ්‍යාපනය සඳහා දේශපාලන අධිකාරිය විසින් නුසුදුසු නූගත් පුද්ගලයන් පත්කර ඇතිබව කල්පිටිය ශාසනාරක්ෂක මණ්ඩලයයේ ප්‍රධාන ලේකඛාධිකාරී, පුත්තලම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් පවසයි.
පිරිවෙන් අධ්‍යක්ෂක තනතුර යනු ශ්‍රීලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නියුතු නිළධාරියෙකු විසින් දැරිය යුතු තනතුරක් වුවත් රාජපක්ෂ පාලන සමයේ සිට විවිධ දේශපාලකයින් ඇතුළු වී පිරිවෙන් පද්ධතිය විනාශ කොට ඇතිබව උන්වහන්සේ කීහ.
පිරිවෙන් අධ්‍යාපන පරිපාලන සේවයේ නිළධාරියෙකු විසින් දැරිය යුතු සහකාර අධ්‍යාපන අධ්යක්ෂ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ යන තනතුරු වලට දේශපාලන හිතවත්කම් මත නුසුදුස්සන් පත්කොට ඇති බවත් මේ මගින් පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව පිරිහීමට හේතුවනවා පමණක් නොව නිවැරදි තීන්දු තීරණ ගැනීමට හැකි නායකත්වයක්ද පිරිවෙන් අධ්‍යාපනය තුළ නොමැතිවීම කණගාටුවට කරුණක් බව උන්වහන්සේ අවධාරණය කලහ.
පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය නිවැරදි කිරීම සඳහා 2024.01.08 දින කළමණාකරන සේවා දෙපාර්ථමේන්තුව මගින් නිවැරදි මාර්ගෝපදේශයක් දක්වා ඇති බවත් එහි දක්වා ඇති පරිදි දැනට පිරිවෙන් අංශය තුළ සිටින්නා වූ සහකාර අධ්යක්ෂවරු 6 දෙනෙකු නම්කර ඇති අතර එම සහකාර අධ්යක්ෂවරු 6 දෙනාගෙන් අයෙකු පිරිවෙන් අධ්යක්ෂ තනතුරට පත්විය යුතු බවත් උන්වහන්සේ කීහ.කෙසේවෙතත් දේශපාලන බලපුලුවන්කාරකම් හරහා විවිධ පුද්ගලයන් මෙම තනතුර ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද එය වැලැක්වීම සඳහා මහානායක ස්වාමීන්වහන්සේලා මැදිහත්විය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.