රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක අවධානමක්. හොඳම සයිබර් ආරක්ෂණ පද්ධතියේ හිමිකාරිත්වය දරන්නේ ගුවන් හමුදාවයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුල තිබෙන අර්බුධකාරී තත්වය හමුවේ රාජ්‍ය ආයතනවල ස්ථාපනය කර තිබෙන වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරු අප වාර්තා වේ.

මේ වනවිට පවතින තත්වය හමුවේ පරිඝණක විශේඥයන්ගෙන් එසේ උදව් ඉල්ලා තිබෙන බවට වන විවිධ වාර්තා හමු වී තිබේ. ලෝක වාර්තා දේශ අවධානය යොමු කරන විට ජනතාව පීඩාවට පත් වන හෝ පීඩාවට පත් කරන රාජ්‍යන් වලට සයිබර් ප්‍රහාර එල්ල වී තිබේ.

සෑම තත්පර 39කට වරක් ලොව පුරා හැකර් ප්‍රහාරයක් එල්ල වේ. මේ අතරින් වේගවත්ම වන්නේ රුසියානු හැකර්වරුන්ය. එසේම සෑම දිනකම නව අනිෂ්ඨ මෘදුකාංග 300,000 ක් පමණ නිර්මාණය වේ. Multi-factor authentication සහ encryption යනු ලොව විශාලතම හැකර් බාධක වේ. දත්ත කඩකිරීම්වල සාමාන්‍ය පිරිවැය 2022 දී මිලියන 150 ක් පමණ වන බවට ගන්නන් බලා තිබේ.

සාමාන්‍ය පුද්ගලයෙක් සෙල්ෆියක් ගෙන එය Instagram වෙත උඩුගත කරන විටම ඊ ලග හැකර් ප්‍රහාරය සිදුවී හමාරය. ගෝලීය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට වඩා සයිබර් අපරාධ වඩා ලාභදායී බව වාර්තා පෙන්වා දෙයි. එසේම වාර්තාවලට අනුව  හැකර්වරු සෑම තත්පරයකටම වාර්තා 75ක් සොරකම් කරති.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුල බොහෝ වෙබ් අබවි මෙන්ම අන්තර්ජාල පරිශීලකයන් සයිබර් ප්‍රහාර වලට  සූදානම් නැති බව දක්නට තිබේ. අපගේ දැනුමේ හැටියට නම්  ඇත්ත වශයෙන්ම, සියලුම වෙබ් අඩවි වලින් 95%කට ම  විධිමත් සයිබර් ප්‍රහාර ප්‍රතිචාර සැලැස්මක් පවා නොමැත.

ලොව වේගවත්ම හකර්වරුන් වන රුසියානු හැකර්වරුන්ට විනාඩි 18 කින් පරිගණක ජාලයකට රිංගාගත හැක. රුසියානු හැකර්වරුන් තම මනස යොමු කරන විට කාලය නාස්ති නොකරයි. උතුරු කොරියානු හැකර්වරුන්ට අවශ්‍ය වන්නේ පැය දෙකහමාරකට අඩු කාලයකි. චීනයේ  ඒවාට පැය 4 කට වැඩි කාලයක් ගතවේ.

හැකරුන්ගේ මෙවැනි අවධානම් තත්වයන් හේතුවෙන් පරිඝණක පද්ධතීන් පවතින ලොව කිසිම රටක, කිසිම ආයතනයක් සාර්ථකත්වයක් ලබා නැත. එසේ සාර්ථක වූ ආයතන තිබේ නම් ඒ සදහා ඔවුන් මිලියන් ගනනක් දිනකට වියදම් කරයි. ඇමෙරිකාවේ පමණක් සයිබර් ආරක්ෂක විශේෂඥයන් හත්ලක්ෂ පනස් දහසකට ආසන්නව සේවය කරති.

ශ්‍රී ලංකාවට තර්ජනයක් වීමට බොහෝ විට ඉඩකඩ ඇත්තේ “නිර්නාමික” නොහොත් “ඇනානිමස් “ කොටසින් විය හැකිය. අප සතු දත්තවලට අනුව වැඩි ඉඩක් ඇත්තේ එම කණ්ඩායමයි. මෙම කණ්ඩායම 2008 සිට ක්‍රියාත්මක වන ගෝලීය ක්‍රියාකාරික ප්‍රජාවකි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ සන්දර්භය තුළ එය සැලකිය යුතු සයිබර් කඩාකප්පල් කිරීමේ ඉදිරියට ඒමක් පිලිඹිබු ව විය. යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ඔවුන් සයිබර් යුද්ධයක් ප්‍රකාශ කළේය.

මෙම කණඩායමේ වගකීම වී ඇත්තේ මහා ව්‍යාපාරවලට සහ ආන්ඩුවලට එරෙහිව ද ඇතුළුව, පුළුල් පරාසයක ඉලක්කවලට එරෙහිව හැක්ටිවිසම් ක්‍රියාවල් . මෙම හකරුන්ගේ ක්‍රියාකාරකම් ප්‍රධාන සිදුවීම් සමඟ පෙළගැසී ඇති අතර කණ්ඩායම ඕනෑම “පීඩාවට එරෙහි” න්‍යාය පත්‍රයක් ඇති බව ප්‍රකාශ කරයි.

පෙබරවාරි මස අවසානයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව, මිලියන 7.9 ක අනුගාමිකයින් සිටින “නිර්නාමික” නම් ට්විටර් ගිණුමක් රුසියාවට සහ එහි ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව “සයිබර් යුද්ධයක්” ප්‍රකාශ කළේය. එතැන් සිට, වෙබ් අඩවි අක්‍රිය කළ විවිධ සයිබර් ප්‍රහාරයන් සහ රුසියානු රාජ්‍ය ආයතනවලින් මෙන්ම රාජ්‍ය ප්‍රවෘත්ති ආයතන සහ සංගතවලින් දත්ත කාන්දු කිරීම සඳහා කණ්ඩායම වගකීම භාරගෙන ඇත.

රජයේ ලියාපදිංචි,  අවසරලත්, නීත්‍යානුකූල බලපත්‍රයක් මත පවත්වාගෙන යන පිළිගත් අප මාධ්‍ය අයතනයට අයත් මෙම වෙබ් අඩවියටද පසු ගිය දා සයිබර් ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය සදහා ඔවුන් දිගින් දිගටම උත්සාහ කල නමුත් ඔවුන්ට එය කල නොහැකි විය. අප ඔවුන්ව හදුනාගෙන තිබෙන බැවින් මේ වන විටත් ඔවුන්ට විරුද්දව කටයුතු කිරීමට තව දුරටත් විමර්ශන කරමින් තිබේ. අපගේ සයිබර් ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මක කරනුයේ සයිබර් ආරක්ෂණ විශේෂඥයන් තිදෙනෙකුගේ නිරන්තර පරීක්ෂාවන් යටතේය. කෙසේ වුවත් වෙනස් වන උපක්‍රමවලට සරිලන සේ ආරක්ෂක උපක්‍රමද වෙනස් නොවුනහොත් අපට දිගින් දිගටම එවැනි ප්‍රහාර වලට ලක් වීමට සිදුවිය හැකිය.

ශ්‍රී ලංකාවේ හොදම සයිබර් ආරක්ෂක පද්ධතිය තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුලයි. ආරක්ෂක අමාත්‍යංශයට අයත් එම පද්ධතිය 2018 වර්ෂයේදී හිටපු ආරක්ෂක ලේඛම්වරයෙකු වන කපිල වෛද්‍යරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හිටපු ගුවන් හමුදධිපතිවරයෙකු වන එයාර් චිෆ් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ අදහසක් අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිඝණක ශිල්පීන් විසින් නිර්මාණය කර තිබේ.

Exit mobile version