දිවයින පුරා සේවයේ නියුතු ප්‍රාදේශීය ලේකම්වරුන් 341න් 200කට වැඩි පිරිසකට ඉදිරියේදී සිය තනතුරු අහිමි වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රට පටලවන කතාවක් වාර්තා වන්නේ ඉරිදා මව්බිමෙනි.
රාජ්‍ය සේවා කොමිසමේ නවතම නිර්දේශයක් අනුව රාජ්‍ය පරිපාලන සේවයේ II හා III වැනි ශ්‍රේණිවල සිටින නිලධාරින්ට ප්‍රාදේශීය ලේකම් තනතුර දැරිය නොහැකි වීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ද්රියන්ත පවසා ඇත.(ceylonwire)
ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ලෙස පත්කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාර්න් පමණක් යැයි කී හෙතෙම 2 හා 3 ශ්‍රේණිවල නිලධාර්ක් තනතුරු දරන ප්‍රාදේශීය ලේකම් තනතුරු පුරප්පාඩු වූ ඒවා ලෙස සැලකෙන්නේ යැයිද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
කෙසේවෙතත් මෙම නව පත්වීම් කෙරෙන්නේ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව යැයිද මේ වනවිටත් එම පත්වීම් ලබාදීම ආරම්භ කර ඇතැයි ද අශෝක ප්‍රියන්ත සඳහන් කරයි.
නිදසුනක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16න් පළමු ශ්‍රේණියේ නිලධාරීන් සිටින්නේ තුන්දෙනකු පමණක් යැයිද සෙසු ප්‍රාදේශීය ලේකම්වරුන් 13 දෙනාම 2 වැනි ශ්‍රේණියේ නිලධාරීන් යැයි ද ඒ මහතා කීවේය.
ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මේ අදහස් පළකර ඇත්තේ, රත්නපුර නිලමේ ඡන්ද හා ප්‍රාදේශීය ලේකම්වරුන් මාරුකිරීම අතර අන්තර් සම්බන්ධයක් ඇති බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් ‘ඉරිදා මව්බිම’ කළ විමසීමකදීය.
මෙම ක්‍රමවේදයේදී මෙතෙක් ප්‍රාදේශීය ලේකම් ධුර දැරූ පහළ ශ්‍රේණිවල නිලධාරීන් සංචිතයට යොමුකිරීමක් සිදුවන්නේ යැයි පවසා ඇති හෙතෙම එම නිලධාරීන් කොතෙක් කාර්යක්ෂම හා දක්ෂ අය වුවත් මෙම රාජ්‍ය සේවා කොමිසම් නිර්දේශයට හිස නවන්නට සිදු වන්නේ යැයි ද සඳහන් කර තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් ධුරවල රාජ්‍ය පරිපාලන සේවයේ 2 හා 3 ශ්‍රේණිවල නිලධාරීන් 200කට වඩා සිටින්නේ යැයි ද ඔහු පෙන්වාදී ඇත.
කෙසේවෙතත් රාජ්‍ය සේවා කොමිසමේ මෙම නව නිර්දේශ කිසිසේත් ප්‍රායෝගික නොවන්නේ යැයි රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා චෝදනා කර ඇත.
මෙමඟින් සිදුවන්නේ සංචිතයට යොමුකරන මෙම නිලධාරීන්ට වෙනත් තනතුරු දීම සඳහා නැවත නැවතත් ගැසට් නිකුත් කිරීමට යැයි ද, ගැසට් නිකුත් කිරීම හැර වෙනත් වැඩක් කිරීමට වේලාවක් සොයාගත නොහැකි වනු ඇතැයි ද හෙතෙම පවසයි.
එසේම මෙමඟින් නිර්මාණය වන නව තත්ත්වය ගැන ප්‍රාදේශීය ලේකම්වරුන් දේශපාලන ප්‍රකාශ නිකුත් කිරීමට පටන්ගෙන ඇතැයි ද, එය නොවැළැක්විය හැකි කරුණක් යැයිද රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් කිහිපදෙනකු නිලමේ ඡන්දයක් මුල් කරගෙන මාරුකළැයි කියමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයටද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.
කෙසේ වෙතත් මේ කතාව කියවූ රාජ්‍ය පරිපාලන නිලධාරින් ප්‍රකාශ කරන්නේ කරන්න දෙයක් නොමැතිව සිටින ඔවුන් එය ගොතා කියන කතාවක් බවත්, රාජ්‍ය පරිපාලන සේවයේ ii වන ශ්‍රේණියේ නිලධාරින් ට ද 2024 වර්ෂයේද ප්‍රාදේශීය ලේකම් තනතුරු පිරිනමා තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂමේ අනුමැතිය යටතේ බවයි.
රාවණා ලංකා අප මේ පිළිබඳව තව දුරටත් සොයා බැලීමේදී අපට වාර්තා වන්නේ රාජ්‍ය සේවා කොමිෂම විසින් ii වෙනි ශ්‍රේණියේ පරිපාලන නිලධාරින් විශාල ප්‍රමාණයකට මේ වර්ෂය තුල ප්‍රාදේශීය ලේකම් තනතරු පිරිනමා තිබෙන බවත්, සිද්ධියට තුඩු දි තිබෙන රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් ලෙස මීට දින කිහිපයකට පෙර පත්කරන ලද තුෂාරි වීරසිංහ මහත්මියද ii වෙනි ශ්‍රේණියේ නිලධාරියෙක් බවයි. එසේම සම්මුඛ පරීක්ෂණයකටවත් මුහුණ නොදී එම තනතරු දරණ ii වෙනි ශ්‍රේණියේ නිලධාරින් විශාල ප්‍රමාණයක් සිටින අතර උදාහරනයක් ලෙස දඹුල්ල ප්‍රාදේශීය ලේකම් SDP ජයසූරිය මහතාද පෙන්වා දිය හැකිය. ජේෂ්ඨතා ලේඛණයට අනුව ඒ මහතා 28 වැනි ස්ථානයේත්, තුෂාරි වීරසිංහ මහත්මිය 104 වැනි ස්ථානයේත් පසු වෙයි. සිද්ධියට මුහුණ දි සිටින ප්‍රාදේශීය ලේකම්වරයෙක් වන අනුරාධ ජයකොඩි මහතා සිටින්නේ එම ලේකනයේ 17 වැනි ස්ථානයේය.
ඒ අනුව පෙනී යන්නේ රාජ්‍ය අමාත්‍යවරයා කිසිවක් නොදන්නා බවත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයෙකු හෝ වෙනත් කවුරුන් හෝ ලබා දුන් ප්‍රකාශයක් මත රාජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කරන බවත් , මෙහි ඇතුලාන්තය කිසිවක් නොදන්නා බවත් පැහැදිලිය. ඒ අනුව අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය බොරුවක් බව පැහැදිලිය.
අශෝක් ප්‍රියන්ත යනු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය; ජන සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාව; උපදේශන ඩිප්ලෝමාව ආදී හදාරා ඇති උගතෙකි.