රාජ්‍ය තාන්ත්‍රික හමුවක්.

අද (15) ඉන්දුනීසියාවේ බාලි දුපත්හි ජී 20 රාජ්‍ය නායක සමුළුව ආරම්භ විය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂි ජින්පින් අතර විශේෂ හමුවක් පළමුවරට සිදුව ඇත.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සදහන් කළේ එහිදී ඔවුන් අතර කරුණු කිහිපයක් සඳහා එකඟතාවයට පැමිණි බවයි.

එහිදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ දේශගුණික විපර්යාස, ගෝලීය සාර්ව ආර්ථික ස්ථාවරත්වය වැනි අන්තර්ජාතික අභියෝගයන්ට විසදුම් සෙවීමටත් ණය සහන සහ සෞඛ්‍ය සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු සදහා අවශ්‍ය පියවර ගැනීමටත් ඇමෙරිකා සහ චීනය සහයෝගය කටයුතු කරන බවයි.

Exit mobile version