ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එළැඹෙන සතියේ කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර ඇත.
ලබන 21 වනදා අදාළ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය රංජිත් බංඩාර මහතා ප්රකාශ කර ඇත.
එමෙන්ම ඉදිරි කෝප් කමිටු රැස්වීමේදී අනු කමිටු රැසක් ම පත් කිරීමට නියමිත බව එතුමා වැඩි දුරටත් ප්රකාශ කර ඇත.