මහනුවර දිස්තිුක්කයේ පොදු සංවර්ධන කටයුතු සම්බන්දව සිදු කෙරෙන දේශපාළනදබලධාරින් හා රාජ්‍ය නිලධාරින් සහභාගිවෙන රැස්වීම් මාසයකට වරක් මහනුවර දිස්තිුක් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන්නේ කිසිදු ජන මාධ්‍ය ආයතනයක නියෝජිතයන්ගේ සහභාගිත්වයකින් තොරවය.
මෙම සාකච්ඡා වලට සහභාගි වු සියලු රාජ්‍ය නිලධාරින්ට පසුගියදා මහනුවර විලියම් ගොපල්ලව මාවතේ සුපිරි හෝටලයකදී දිස්තිුක් සමිබන්ධීකරන කමිටුවේ සභාපති මහනුවර දිස්තිුක් පාර්ලිමේන්තු මන්තීු ගුණතිලක රාජපක්ෂ සහ මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතී. ලලිත් යු. ගමගේ යන මහත්වරුන්ගේ සංවිධානත්වයෙන් සුපිරි සාදයක් පවත්වන ලද බව රාජ්‍ය නිලධාරින් කීප දෙනෙක් පැවසුහ.
මෙම සාදය සඳහා රුපියල් ලක්ෂ 13 ක් පමණ මුදලක් වැයකර ඇති බවත් විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම සාදයට ඇතැම් රාජ්‍ය නිලධාරින් සහ නිලධාරිනියන් කීප දෙනෙක් සහභාගි නොවු බවද දැනගන්නට ලැබිණි.
මෙම සාදයට සුපිරි තත්ත්වයේ සැර බීම වර්ග ද තිබු බවත් සාදය සඳහා රාජ්‍ය නිලධාරින් නිලධාරිනියන් 100 කට අධික පිරිසක් සහභාගි වු බව රාජ්‍ය නිලධාරියෙක් කීය.
කෙසේ වෙතත් මෙම සාදය සඳහා රජයේ මුදල් වැයකර ඇති බවට පලාත් සභාවේ සහ දිස්තිුක් ලේකමි කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කලද මේ සම්බන්ධව මධ්‍යමපලාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගෙන් විමසීමක් කල විට එම සාදය සඳහා රජයේ මුදල් වැය නොකල බවත් තමාගේ පුද්ගලික මුදල් සහ දිස්තිුක් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වරයාගේ පුද්ගලික මුදල් මේ සඳහා වැය කල බවත් පුකාශ කළේය.
මහනුවර දිස්තිුක්කයේ පරිපාලන රාජ්‍ය නිලධාරින් සහ නිලධාරිනියන් මෙම සාදයට සහභාගි වී තිබෙි.
මෙම සාදයට රජයේ මුදල් වැය නොකල බව පුකාශ වුවද හෝටල් බිල ගෙවීමට විශාල මුදලක් වැවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මාසයකට වරක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පවත්වා තේ අතුරුපස අනුභව කර නිලධාරින් දේශපාලන බලධාරින් විවිධ අදහස් පලකලද මහනුවර නගරයේ බස්රථ නැවතුම් ගුඩිෂෙඩ් සංකීර්ණය වසර 5 ක් තිස්සේ ඉදිකිරීම් ඇණ හිට ඇති බවත් පදික වෙිදිකාවන්හී වලවල් පෑදී අනතුරුදායක තත්ත්වයන් දක්නට තිබෙන බවට නගරයේ ජනතාව චෝදනා කරති.
මහනුවරට කරපු සංවර්ධනයක්නැතත් රාජ්‍ය නිලධාරින් වසර අවසානයේ සාද පවත්වා කා බී විනෝද වීම ජනතාවාගේ අපුසාදයට හේතු වී තිබෙි.