ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ශ්‍රේණියේ බොහෝ නිලධාරීන් සිදුකලේ දේශපාලන වුමනාවන් වෙනුවෙන් කටයුතු කිරීමය. බොහෝ අදක්ෂ එම නිලධාරීන් සිදුකලේම දේශපාලන වුවමනාවන් ඉටුකරමින් තනතුරු සහ වරප්‍රසාද ලබා ගැනීමය. තමන්ට අකමැති රජයන් අපකීර්තියට ලක්වන අයුරින් කටයුතු කරන, තමන්ගේ රජය පත් වූ වහාම ජේෂ්ඨයන් පාගා දමා ඉහල තනතුරුවලට යාමට තරම් ඔවුන්ගේ ලජ්ජා නහර කපා දමා තිබේ. එසේ ගොස් එම ස්ථානයන්වල සිටිමින්ද ඔවුන් කරන්නේ දේශපාලන වුවමනාවන්වලට අනුව නීතිය අවභාවිතා කිරීමය. දේශපාලන වුවමනාවන් මත යැපෙන ඔවුන්ට කිසිම දැනුමක් නැති බවද පැහැදිලිය.
එවන් දේශයක් වන අපගේ දේශයේ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශීය කටයුතු ලේකම් නිල් බණ්ඩාර හපුහින්න මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් අමතා ලිපියක් යොමුකර තිබේ. පරිපාලන ලේඛම්වරයා ලෙස ඔහුට එවැනි ලිපියක් යැවීමට හැකිද යන්න පිලිබඳව වෙනමම ලිවිය යතුය. තමන්ගේ ලේඛ්මවරුන්ට එවැනි රාජකාරියක් මැතිවරණ කොමිෂම මගින් ලබා දී නැතිබවත්, ඒ සඳහා වෙනමම තේරීම් බාර නිලධාරීන් මැතිවරණ කොමිෂම මගින් නම් කරන බවත් ඔහු දන්නේ නැතිබව මෙහිදී දැකිය හැකිය. ඒ අනුවම මෙම රාජ්‍ය පරිපාලන ලේඛම්වරයාද රාජ්‍ය පරිපාලනය ගැන දැනුමක් නොමැති බවද පැහැදිලිය.
අද පස්වරුවේ සියලුම දිස්ත්‍රික් ලේඛම්වරුන් අමතා, අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ 23/misc(001) අංක දරන ලිපිය මගින් 2023.01.10 දිනැති අමාත්‍යමණ්ඩල තීරණය මත නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන ආයතන සදහා වන අපේක්ෂිත ඇප තැන්පතු භාරගැනීමෙන් වලකින ලෙස නීතිවිරෝදී ලිඛිත නියෝගයක් නිකුත් කර තිබේ.
එසේම මුදල් තැන්පතු භාර ගැනීම අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බවද වාර්තා වේ.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හෙට පෙරවරුවේ රැස්වී මේ සම්බන්ධයෙන් ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා දෙරණ නාලිකාවට ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත් මේ වනවිට එම ලිපිය ආපසු කැඳවා තිබේ. මැතිවරණයක් වැනි වැදගත් දෙයක් පිලිබඳව දැනුමක් රාජ්‍ය පරිපාලන ලේඛ්ම්වරයාට නැති බව මෙම ක්‍රියාවලියම සාක්ෂි දරයි. එසේම මෙවැනි ජේෂ්ඨ රාජ්‍ය නිලධාරින් තව කොපමණ ප්‍රමාණයක් මෙරට තුල සිටින්නේද යන්න වෙනමම සෙවිය යුතුය. එබැවින් රාජ්‍ය පරිපාලන සේවයේ ජේෂ්ඨයන්ගේ ක්‍රියාකලාපය වගකීම් සහිත විය යුතුය. ඔවුන්ගේ තරාතිරම කුමක් වුවත් ඔවුන්ගේ සේවය වන්නේ මහජන සුබ සිද්ධිය සදහා අදාළ අනපනත් වලට අනුව කටයුතු කිරීමය. ජනතාව වැටුප් ගෙවන්නේ ඒවා නිසිලෙසම ඉටුකරවා ගැනීමටය.