රාජ්‍ය බුද්ධි සේවයෙන් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ජැකට් දාලා සත්‍ය වසන් කරලා. පාස්කු ගිනි තැබූ සහරාන්ලා මැරෙනකන් ආරක්ෂා කරලා. රටේ ආරක්ෂක අංශවලින් මිනිස්සුන්ට පරිස්සම් වෙන්න වෙලා.

අපරාධ කරනා ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය දඩුවම් ලැබීම කිනම් හෝ මොහොතක සිදුවන බවට අපට ලැබෙන වඩාත්ම හොදම උදාහරණය වන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයයි. එය දිනපතා විශ්වයේ රැව් පිළිරැව් දෙමින් අපරාධය දැන දැන වසන් කල රාජ්‍ය නිලධාරීන්ට පවා දඬුවම් ලැබෙන ආකාරයට සියල්ලම සිදුවෙමින් පවතී.

විවිද අය විවිධ කතා ප්‍රකාශ කරමින් මෙම සිද්ධිය උඩු යටිකුරු වන්නේ නිසි විමර්ශනයක් සිදු නොකළ බැවිනි. එසේ කලේ නම් මෙවැනි දේවල් සිදු නොවේ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන පාලිත සිරිවර්ධන මහතා තවත් ඇඟ හිරිවැටෙන කතාවක් අනාවරණය කරයි. ඒ චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්චාවකදීය.

එහිදී අනාවරණය වන්නේ  පාස්කු ප්‍රහාරයේ විමර්ශන සියල්ල සැක සහිත බවත්, ෂායිඩ් ෂාඩිෆ් මාවනැල්ලේ බුදුපිළිම සිද්ධිය බාරදෙන්නෙ නැති බවත්, CID එකේ විමර්ශණ කණ්ඩායම සහරාන්ගේ බිරිඳගේ නිවසට ගිය විට CID ශානි අබේසේකර එම නිවසින් වහාම ඉවත් වෙන ලෙස නියෝග කල බවත් ඔහු ප්‍රකාශ කරයි.

එසේම වව්නතිව් සිද්ධිය සහරාන්ගේ ක්‍රියාවක් නොව  LTTE ක්‍රියාවක් බවට හැරවීමත්, සහරාන්ගේ දිවුරුමේ CCTV දත්ත මකා දැමීම පිළිබඳවත් ඔහු අනාවරණය කරයි. හිටපු පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා මෙහිදී පෙන්වා දෙන්නේ මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ සිද්ධියේදී ෂායිඩ් සහ ෂාඩිෆ් යන සැකකරුවන් හැර අන් සියලු දෙනා අත්අඩංගුවට ගත් බවයි.

එසේම ෂායිඩ් සහ ෂාඩිෆ් යන දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් සිටි බැවින් මේ පිළිබඳ විමර්ශණ සිදුකිරීමට රාජ්‍ය බුද්ධි අංශයට, රහස් පොලිසීයට සහ ත්‍රස්ත විමර්ශණ  අංශයට භාර දීමට කටයුතු කළ බවත් මෙම අංශ තුනෙහි DIG නිලන්ත ජයවර්ධන ,DIG රවී සෙනෙවිරත්න සහ SSP ශානි යන අය විසින් මෙහි පරීක්ෂණ සිදුකිරීමට භාර ගත්තද මේ පිළිබඳව නිසි විමර්ශණයක් සිදු නොවූ බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම CID විමර්ශණ කණ්ඩායම  සහරාන්ගේ බිරිඳගේ නිවසට ගිය විට සාරා ජැස්මිනුත් එහි සිටි බැවින් එම නිලධාරියෙකු CID ස්ථානාධිපතිට සියලු විස්තර පවසා උපදෙස් පැතූ විට ශානි අබේසේකරගෙ උපදෙස් මත හැකි ඉක්මනින් සහරාන්ගේ බිරිඳගේ නිවසින් ඉවත් වෙන ලෙසට OIC  නියෝගයක් දුන් බවද පවසයි.

එසේම මෙහිදී එම නිලධාරින් එම නිවසෙහි සිටි සියලු දෙනාම අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ දුරකථන තොරතුරු පවා ලබා ගත්තේනම් නිසියාකාර විමර්ශණයක් සිදු කිරීමට හැකියාව තිබු බව ප්‍රකාශ කරයි.

එමෙන්ම වව්නතිව් පොලිස් නිලධාරින් දෙදෙනෙකු කපා වෙඩි තියා මරා දැමීමේ සිද්ධිය ශානි අබේසේකර විසින් විමර්ශණ සිදු කරන විට රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින් එම වෙල් යායට මරාගෙන මැරෙන බෝම්බ ජැකට් එකක් දමා මේ පරීක්ෂණය නොමග යවා මෙය LTTE එක පැත්තට හැරවූ බවත් ශානී නොමග ගිය බැවින් මෙහි සුළ මුල සොයා ගැනීමට නොහැකි වූ බවත් ප්‍රකාශ කරයි.

එසේම මෙවන් නොමග යැවීමක් බුද්ධි අංශ සිදු කළේ ඇයිද යන්න පරීක්ෂණයක් සිදු කළ යුතු අත්‍යවශය කරුණක් බවද පවසයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහිව ශානිට චෝදනාවක් එල්ල විය යුතු බවත් ඇය මේ සම්බන්ධයෙන් බිය වූ හෙයින් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති බවද ප්‍රකාශ කරයි.

එමෙන්ම ගල්කිස්සේදී සහරාන් දුන් දිවුරුම පිළිබඳ බෝම්බ පිපිරුණ දවසේම අනාවරණය කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් දිවුරුම දුන් ස්ථානයට ගොස් එහි වටිනාම සාක්ෂිය වූ CCTV දර්ශන DVR එකක් ගත් නමුත් අද වන විට එහි කිසිදු සාක්ෂියත් නොමැති බවත් ඒවා මැකී ගොස් ඇති බවත් පවසයි.

එසේම මෙම සිද්ධිය පිළිබඳව බොහෝ විමර්ශණ සිදු කළ නිලධාරින් 15 දෙනෙකු එක්වරම ඉවත් කිරීමට C.D වික්‍රමරත්න කටයුතු කළේ කුමන හේතුවකටද යන්නත් ඔහු කාගේ නියෝගයක් මත ක්‍රියාත්මක වූයේද? යන්න ප්‍රශ්න කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ සියලුම කරුණු පිළිබඳව විමර්ශණය කර විමර්ශණ නොකරපු සියලු නිලධාරින්ට දඩුවම් ලබා දිය යුතු බවයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න .

Exit mobile version