රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි.

දේශිය ණය ප්‍රශස්තකරණ සැලැස්ම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මුදල් කාරක සභාව අද (30) රැස්වෙන බව වාර්තා වේ.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ ඊයේ (29) දිනයේ රැස්වූ කාරක සභාව සම්බන්ධයෙන් පාර්ශව රැසකගෙන් අදහස් විමසූ බවත් දේශිය ණය ප්‍රශස්තකරණ සැලැස්ම හරහා සේවක අර්ථ සාධක අරමුදලට වන බලපෑම සම්බන්ධයෙන් අද දිනයේදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කරන බවත් ය.

Exit mobile version