රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ නව වැඩපිළිවෙළක් .

ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා විසින් රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනමම ඒකකයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

අද (30) පාර්ලිමේන්තුවේ දී අතුරු අයවැය ඉදිරිපත් කර ඇති අතර අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට රු.මිලියන 200ක මුදලක් වෙන්කිරීමට ද අතුරු අයවැය හරහා පියවර ගෙන ඇත.

රජය විසින් මෙම නව ඒකකය පිහිටුවීමට පියවර ගෙන ඇත්තේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් ඉහළම රාජ්‍ය මූල්‍ය අවදානම් තත්ත්වයකට පත්වී තිබීම හේතුවෙනි.

Exit mobile version