අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ‘යුනිට් 2’ කොටස හෙට (17) සිට දින වසා තැබෙන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
මේ අතර රජයේ සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර තිබේ. පවතින ඉන්ධන අර්බුදය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් මෙසේ නිකුත් කර තිබේ.
ඒ අනුව මාස 3 ක කාලයක් නිවසේ සිට ගෙවත්තේ ආහාර බෝග වගා කිරීම සඳහා මෙලෙස නිවාඩු ලබා දෙන බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.
එම නිවාඩුව හිමි නොවන ආයතන ද මීට පෙරම දැනුවත් කර තිබේ.