රාජ්‍ය සේවකයන්ට රාජ අණක්. ශබ්ද නගා කියවා වැඩ අල්ලනු

වැඩකට නැති රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවා නව වසරට රාජකාරි අරඹනු. රාජ්‍ය සේවකයන්ට නියෝගයක්
අප රටේද වෙනත් රටවල් වල මෙන්ම රාජ්‍ය සේවයක් තිබේ.

රාජ්‍ය සේවයේ ඉතිහාසය පුරාණ රජ දවස දක්වා දිවයන්නකි. එවක රාජ්‍ය සේවය මහජන සේවය ඉටුකරනු වෙනුවට රජුගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා වූ සංවිධානයක් ලෙස පැවතුනි. රජමාලිගාවේ කටයුතු හා යුද්ධ කටයුතු මෙයින් ප්‍රධාන විය.


පොලොන්නරු යුගය වන විට රාජුගේ ආදායම් එකතුකිරීම දක්වා මෙම කටයුතු ව්‍යප්ත විය. නමුත් නියමිත තනතුරු හෝ නිල නාම ඉතා සීමිතව දක්නට ලැබේ.


කොට්ටේ යුගය වනවිට මෙය ක්‍රමිකව විකාශණය වී විවිධ නිල නාම එකතුවනු දක්නට ලැබේ කෝරලේ, දිසාවේ , නිලමේ තනතුරු ඒ සඳහා උදාහරණ වේ.


ඉන්පසු බටහිර ජාතීන්ගේ බලපෑම එල්ලවීමත් සමඟ තත්වය තවතවත් සංකීර්ණ වූ අතර ඔවුන්ට යටත්වූ ප්‍රදේශවල පරිපාලන ව්‍යුහයද ක්‍රමිකව හැඩගැසිනි.
එසේ විකාශය වු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයෙන් අති බහුතරයක් දෙනා තම රාජකාරිය නිසි ලෙස ඉටුනොකරන අවධියක වුවත් අවුරුදු ගණනාවක සිටම නව අවුරුද්දක උදාව සිදුවන ජනවාරි මස පළමු දින රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවා රටට පොරොන්දුවක් ලබා දී රාජකාරී ආරම්භ කරති.


කෙසේ වුවත් එම පොරොන්දුවට අනුව තම රාජකාරිය නිසි ලෙසම ඉටුකරන්නේද යන්න නැවත නැවතත් ආපසු හැරී බැලීමට සිදු වේ. රටේ රාජ්‍ය සේවය නිසි පරිදි සිදු වුයේ නම් ශ්‍රී ලංකාවට මෙවන් ඛේදනීය ඉරණමක් ඇති නොවේ.


හෙට නව වසරේ රාජ්‍ය සේවයේ රජකාරීන් ආරම්භය සිදු වේ. ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් ජනාධිපති ලේඛම් කාර්යාලයේ රාජකාරි ආරම්භය සිදුවනු ඇත. උදෑසන 9 එම නිල උත්සවය පැවැත්වේ.


ඒ අනුව අනෙක් සියුළුම රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වා රාජ්‍ය සේවා ප්‍රතිඥාව ශබ්ද නගා කියවන ලෙස සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබේ.

Exit mobile version