රාජ්‍ය සේවකයන් කැඳවීමේ දී තවදුරටත් සීමා

රාජ්‍ය සේවා කාර්යාල සඳහා රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සීමා කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛනය තව දුරටත් දීර්ඝ කර ඇත.

පසුගිය ජුනි මස 20 වනදා සිට අමාත්‍යංශය මෙම තීරණය ගන්නා ලද්දේ සේවයට වාර්තා කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමිනි.

එම චක්‍රලේඛය ඉදිරි මසක කාලයක් සඳහා  වලංගු වන අයුරින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා, අමාත්‍යංශ ලේකම්වරු ,පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අද යළි චක්‍ර ලේඛනයක් නිකුත් කර ඇත.

අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මාර්ගගත ක්‍රමයය ඔස්සේ ඉටු කළ නොහැකි රාජකාරි සඳහා හා අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩලය කැඳවීමට මෙම චක්‍ර ලේඛ විධි විධාන බාධාවක් නොවන බවයි.

Exit mobile version