රාජ්‍ය සේවකයින්ට විදෙස් රැකියා සඳහා පිටව යාමට අදාළ චක්‍ර ලේඛය!

රාජ්‍ය සේවකයින් සඳහා විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛනය පසුගිය 22 වනදා නිකුත් කර ඇත.

මෙම චක්‍රලේඛය භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන  අදාළ වන බවය.

එමෙන්ම මෙම චක්‍රලේඛයට අනුව රැකියා සඳහා විදෙස්ගත වන රාජ්‍ය සේවකයින් මාස්පතා මෙරටට යම් විදේශ විනිමය ප්‍රමාණය එවීම අනිවාර්යය කර ඇති අතර එය එක් එක් රාජ්‍ය නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තීරණය කර ඇත.

අදාළ චක්‍රලේඛය පහතින්,

Exit mobile version