රාජ්‍ය  සේවකයින් ජනතාවගේ ගැටලු සිය ප්‍රථම රාජකාරිය කර  ගත යුතුයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් රාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීම සම්බධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

අදාළ චක්‍ර ලේඛය අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතාගේ අත්සනින්  යුතුව නිකුත් කර ඇත.

මේ වන විට නිරීක්ෂණය වී ඇති පරිදි කොවිඩ් – 19 වසංගත තත්ත්වය සහ ඉන්පසු රට තුළ උද්ගත වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් මහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීමේ ප්‍රමාදයක් සිදුව ඇත.

එසේ වුවද, ජනතාව විසින් ලිපි මගින්, දුරකථන ඇමතුම් ඔස්සේ හෝ විද්‍යුත් තැපෑල තුළන් ඉදිරිපත් කරනු ලබන සිය ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් පිළිතුරු ලබා දීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බව එම චක්‍රලේඛය තුළින් පෙන්නුම් කර ඇත.

මෙම චක්‍ර ලේඛයට අනුව ජනතාව සිය ගැටලු ඉදිරිපත් කරමින් යොමු කරනු ලබන ලිපි සඳහා වහාම අවශ්‍ය පිළිතුරු යැවීමට කල්ගත වන්නේ නම් අදාළ ලිපිය ලද බවට හෝ සතියක් තුළ දී පිළිතුරු ලිපියක් ඉදිරිපත් කළ යුතුව ඇති අතර සති 04ක කාලයක් ඇතුළත අවසන් පිළිතුරු යැවීමට ද කටයුතු කළ යුතුව ඇත.

මීට අමතරව සියලුම රාජකාරි ලිපි සඳහා පිළිතුරු යැවීමේ දී අදාළ ලිපියේ අත්සනට පහළින් විෂය භාර මාණ්ඩලික නිලධාරියාගේ සෘජු දුරකථන අංකය සඳහන් කළ යුතු බව ද අදාළ චක්‍රලේඛය තුළින් පෙන්වා දී ඇත.

Exit mobile version