රාජ්‍ය සේවයෙන් 2600 ක් ගුරු සේවයට – ගන්නේ මෙහෙමයි

දැනට රජයේ සේවයේ නියුතුව සිටින උපාධිධාරින්ගෙන් 26000 ක් ගුරුවරුන් ලෙස බදවා ගැනීමට අද්‍යාපන අමාත්‍යංශය අයදුම් පත් කැදවා ඇති බව වාර්තා වී ඇත.

ඒ අනුව 2018 වර්ෂයේ සිට වසර තුනක කාලයක් රාජ්‍ය සේවයට එක්වූ සංවර්ධන නිලධාරින් හා වයස අවුරුදු 40 ට අඩු උපාධිධාරින්ගෙන් අයදුම්පත් කැදවා ඇති බවයි සදහන්වැ ඇත්තේ.

මෙසේ කැදවන ලද අයදුම් පත් පිලිබදව අවධානය යොමු කොට ලබන මාර්තු මාසයේදී තරග විභාග පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇති බවත් පළාත් පාසල් සදහා පළාත් මට්ටමින් හා ජාතික පාසල් සදහා අද්‍යාපනය අමාත්‍යංශය හරහාත් සම්මුක පරීක්‍ෂණ පවත්වා එහි ලකුණු පළාත් මට්ටමින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි සදහන් වන්නේ.

විභාග සමත්වන උපාධිධාරීන් වසර තුනක පරිවාස කාලයකට යටත් කිරීමෙන් අනතුරුව ගුරැ සේවයට අන්තර්ග්‍රහණය කර ගන්නා අතර වසර 5 ක සේවය කිරීම සදහා තමා කැමති පලාතක් තෝරා ගැනීමට ඔහුනට හිමිවනු ඇත.

සියලුම අයදුම් පත් පෙබරවාරි 10 දිනට පෙර ඉන්ටර්නෙට් ඔස්සේ ( http://applicationsdoenets.lk/exams) පමණක් ඉල්ලුම් කළයුතු බවයි අද්‍යාපන ඇමතිවරයා පවසා ඇත්තේ.

ඊයේ (29) වැනිදා මහනුවර දළදා මාලිගාවේ පැවති 195 වන පිරිවෙන් අද්‍යාපන බලමණ්ඩලයේ රැස්වීමකින් අනතුරුව මද්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

Exit mobile version