රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම පුරප්පාඩු අඩක් පිරවීම

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබුනේ සමස්ත රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩුවලින් අත්‍යවශ්‍යම පුරප්පාඩු අඩක් හෝ පිරවීම සඳහායි.

වාර්තා වන ආකාරයට අගමැති දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් සය පුද්ගල නිලධාරි කමිටුව විසින් මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා වන වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාවට අනුව හඳුනාගෙන ඇති සමස්ත රාජ්‍ය සේවයේ පුරප්පාඩු සංඛ්‍යාව එක්ලක්ෂ එක්දහස් තුන්සිය විසිහතරක් වන අතර වූවත් ප්‍රමුඛතා අනුව සම්පූර්ණ කළ යුතු අත්‍යවශ්‍යම පුරප්පාඩු ලෙස පුරප්පාඩු හැටහත්දාස් හත්සිය අටක් පමණ අදාළ කමිටුව විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

අනුමත කාර්ය මණ්ඩල සීමා කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකර දැරිය නොහැකි ප්‍රමාණයක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගෙන තිබූ බවද වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එහෙත් එම පිරිසට ගෙවන මාසික වැටුපට සරිලන ආකාරයේ කිසිදු දායකත්වයක් ඔවුන්ගෙන් නොලැබෙන බවද අදාළ කමිටුව විසින් වැඩිදුරටත් අනාවරණය කර ගෙන තිබේ.

Exit mobile version