රාජ්‍ය නිලධාරීන් පරිසරය සමග සෙල්ලම් කරයි…මධ්‍යම පළාත් පරිසර අධ්‍යක්ෂක බෝල ගහයි….

ගම්පොල නාමල්විල වෙල් යාය නැතිනම් මහවැලි ගඟේ පෝෂක ප්‍රදේශයක් ලෙස පවතින මෙම වෙල්යාය මේ වන විට විනාශ මුඛයට ඇද වටී හමාරය.

මෙම ප්‍රදේශය වටා විශාල කඳු පන්තියක් පිහිටා ඇති බවත් ඉන් ගලා හැලෙන ජල ධාරාව මෙම ගොවි බිම් ඔස්සේ ගලා ගොසින් මහවැලි ගංදෑල සරසන බවත් ගම්පොල හරිත සංගමයේ කැඳවුම්කරු සමීර චන්ද්‍රසිරි මහතා පෙන්වා දෙයි.

මෙලෙස ඉඩම් මංකොල්ලකරුවන් විසින් සිදුකරන මෙවැනි ක්‍රියාකාරකම් සිදු වන්නේ රජයේ ආයතනවලින් ද අවසර ඇති ව වීම කණගාටුවට කරුණකි. පැරණි රජ සමයේ රාජ්‍ය වප්මගුල් උත්සවය පැවැත්වුයේ මෙම වෙල් යායේ බවද සදහන් වෙයි.

මෙහි මෙලෙස ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ අවම වශයෙන් පාරිසරික අධ්‍යයනයවත් සිදු නොකර වන බවත් මෙහි දී මහවැලි පනත මෙන් ම ගොවිජන සේවා පනත ද උල්ලංඝනය කරමින් මෙම ක්‍රියාපටිපාටිය සිදුවනු ලබයි. කිසිදු හිතක් පපුවක් නැතිව සරු සාර වෙල් යායක් ගොඩ කරන අයුරු පහත වීඩියෝ එකෙන් බලා ගත හැකිය.

සමීර චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරන්නේ මොවුන් උසාවි භූමිය ද එක් අවස්ථාවක දී තමන් සතු දේපළක් ලෙස මංකොල්ලකෑම සිදු කළ බවයි.නීතියටත් කො‌කා පෙන්නූ මේ නොමිනිසුන් පරිසරයට හානි කිරීම පුදුමයට කරුණක් නොවනු ඇත.

මෙහි දී රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ඇතුළු මහනුවර මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් ද මෙම අපරාධයන්ට සම්බන්ධ බව ද ඒ මහතා පෙන්වා දෙනු ලැබීය.

රටක පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කරනු ලබන මෙම නිලධාරිනුත් රට කෙළෙසන මෙවන් නිලධාරීන්ට මෙවැනි වටිනා භූමි ‍ විනාශ වීමට තවදුරටත් ඉඩ ලබා නොදී නීතිය නිසිලෙස ක්‍රියාත්මක කර මෙම අපරාධ මැඩලීම සිදුවිය යුත්තකි. මෙහිදී මාධ්‍යවේදීන් ඉදිරියේ මධ්‍යම පළාත් පරිසර අධ්‍යක්ෂක ජංගම දුරකතනයෙන් සම්බන්ධ කරගනිමින් සමීර චන්ද්‍රසිරි මහතා සමග සිදු වූ සංවාදයේ දී ඉතාම පැහැදිලිවම අසන්නට ලැබෙන්නේ එම නිලධාරියාගේ වගකීම් විරහිත බවයි. රාජ්‍ය නිලධාරීන් එසේ නම් , හෙට දිනයේ රාජ්‍යයට සිදු වන්නේ කුමක්දැයි සිතා ගත හැකිය.

ජනපතිතුමනි, මේ ඔබේද අවධානය පිණිසයි. අදාළ සම්පූර්ණ වීඩියෝපටය පහතින්

Exit mobile version