රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍ර ලේඛය අද (06) නිකුත් කෙරෙන බවයි.
මෙවර අයවැය ඔස්සේ රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව ඊට අදාළ චක්‍ර ලේඛය මෙසේ අද නිකුත් කිරීමට නියමිතව ඇත.