රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ කාලය වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇත.
මෙවර අයවැය අනුව රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම් කාල සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව නව ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඕනෑම රාජ්‍ය සේවකයෙක්ට වයස අවුරුදු 55න් පසුව විශ්‍රාම යාමට හැකිවන අතර අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන්ම විශ්‍රාම ගත යුතු බවය.
අදාළ ගැසට් නිවේදනය පහතින්,