රාජ්‍ය ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය දක්වමින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර රාජ්‍ය සේවා ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සනින් යුක්තව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
එම චක්රලේඛනයට අනුව ආයතනය වෙත නිලධාරීන් කැඳවීමේ දී ගර්භනී නිලධාරිනියන්, කිරිදෙන මව්වරුන් හා විශේෂ රෝගාබාධයන්ගෙන් පෙලෙන නිලධාරීන් සේවය සඳහා නොකැඳවීමට වගබලා ගතයුතු ය.
එවැනි අයෙක් සේවයට කැඳවිය යුත්තේ අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා පමණක් බවත් එලෙස කැඳවන්නේ නම් ඒ අය සඳහා පැමිණිමට සහ පිටවීමට විශේෂ කාලසීමාවක් ලබාදිය යුතු බවත් ඔවුන්ට විශේෂ පහසුකම් සැලසිය යුතු බවත් එහි සඳහන්ය.
සෞඛ්‍ය අංශයන්ගෙන් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආයතනයේ කාර්ය මණ්ඩලය මෙන් ම සේවාලාභීන්ද කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කරගනිමින් සේවය සැපයීම ආයතන ප්‍රධානියාගේ වගකීමයි.
නිකුත් කළ අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,