රාජිත සේනාරත්නටත් කොවිඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇත.

මේ වන විට මන්ත්‍රීවරයා නිවෙස් ප්‍රතිකාර වෙත යොමුව ඇත.

ඒ අනුව ජනවාරි මස 01 වනදා සිට මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් වූ සියලුදෙනා ද මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.

කෙසේ නමුත් ඔහුට බරපතළ රෝග ලක්ෂණ කිසිවක් නොමැති බව වාර්තා වේ.

Exit mobile version