රාත්‍රී රථ වාහනවලට දඩ

තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේදී රථ වාහන දඩ පත්‍රිකා භාරගැනීමට කටයුතු යොදා ඇති බවයි.

වාර්තා වන ආකාරයට මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර සීතාවක පුර, කොටහේන, කොම්පඤ්ඤ වීථිය, බොරැල්ල, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බත්තරමුල්ල සහ නුගේගොඩ තැපැල් කාර්යාලවලින් දඩ මුදල් ගෙවීමේ පහසුකම් සපයා තිබේ.

දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර යන තැපැල් කාර්යාලවලින්ද මෙම සේවාව ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Exit mobile version