රාවණාකන්දේ තේ වතුවල විලාපය(වීඩියෝ)

 රාවනාකන්ද ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන්ගෙ දුක් ගැනවිල්ලට අප කන්දුනෙමු.

ඒ අනුව කුඩා තේ වතු හිමියෙක් වන ඩබ්.කුමාරවංශ මහතා විසින් එම තේ වතුවලට මේ වන විට අත්වී ඇති ඉරණම පිළිබඳව අපට පෙන්වා දුනි.

ඔහු සඳහන් කරන්නේ පසුගිය වසර පුරාවටම මෙම තේ ගස් සඳහා කිසිදු පොහොරක් ලැබී නොමැති බවත් මෙනිසා එම තේ වතුවල දලු නිසි ප්‍රමිතියෙන් යුක්ත ව හටගෙන නොමැති බවත් ය.

මින් පෙරදී තේ දළු කිලෝ 100ක් පමණ නෙලා ගත හැකි තේ වත්තකින් මේ වන විට ලබා ගත හැක්කේ කිලෝ 25ක් පමණ බවය.

වර්තමානය වන විට මේ සඳහා යොදන පොහොර මිටියක මිල රු.6500ක් පමණ වන බවත් මොවුන්ට එවන් වියදමක් දැරිමට හැකියාවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Exit mobile version