රාවණාගෙන් රාජ්‍ය නිලධාරීන්ට කනේ පහරක්

‌ෙඵතිහාසික උරුමයන් පාගා දමමින් සිදුකරනු ලබන ඉදිකිරීමක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් රාවණා ලංකා ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ මහතා විසින් සිදුකර ඇත.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම රන්මිණි කොත පෞරාණික වෙහෙර වහන්සේ සද්ධාතිස්ස රජු විසින් ඉදිකරන ලද්දක් බව ඉතිහාසයේ සඳහන්ව ඇත.

කෙසේ නමුත් මෙම විනාශය සම්බන්ධයෙන් උඩවලව පොලිසිය වෙත සියලු සාක්ෂි සහිතව කරන ලද පැමිණිල්ලට ඊයේ (30) දිනට මාස 03ක් පමණ වුවත් එම පැමිණිල්ල මේ වන තෙක් විභාග කිරීමට උඩවලව පොලිස් ස්ථානාධිපති කටයුතු කර නොමැත.

මේ වන විට මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මෙන් ම රත්නපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙතද පැමිණිලි කර ඇති නමුත් එම ස්ථානයන්ගෙන් ද මේ වන තෙක් නීතිය ඉටු නොවී ඇති බව නිශ්ශංක මායාදුන්න මහතා මෙහි දී පෙන්වා දී ඇත.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයන්හිදී රත්නපුර දිස්ත්‍රික් අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියගේ යම් සම්බන්ධයක් ඇති බවට හෙළිව තිබෙණ නමුත් මෙවන් පහත් ක්‍රියාවක් සඳහා එතුමිය වැනි අයෙක් සහයෝගය ලබාදේවි ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් නැගෙනු ඇත.

කෙසේ නමුත් තම දේශයේ උරුමයන් රැක ගැනීමට මෙම නිලධාරීන් විසින් කටයුතු කළ යුතු පසුබිමක ඔවුන්ගේ මෙම නිද්‍රාශීලී වැඩපිළිවෙළ කුමක් නිසාද? කවරකුගේ බලපෑමක් ද? යන්න පිළිබඳ අවධානය යොමුකළ යුතුව ඇත.

තම රටේ,තම බල ප්‍රදේශය තුළ මෙවන් විනාශයන් සිදුවන බවට සාක්ෂි සමග සියල්ල  තම දෙපාමුල තැබුව ද ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොකරන උඩවලව පොලිස් ස්ථානාධිපති මෙලෙස තපස් රකින්නේ කවරෙක් ආරක්ෂා කිරීමට ද?

රටේ පුරාවිද්‍යා වස්තු ආරක්ෂා කිරීමට බැඳී සිටින ඔවුන්ගේ එකම වගකීම ද එය වන පසුබිමක මෙවන් පෞරාණික වස්තූන් අමුඅමුවේ විනාශ වී යන අයුරු බලා සිටීමට නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් අවශ්‍යවන්නේ දේශපාලුවන් සඳහා කොට්ටයක් වශයෙන් ද?

මේ පිළිබඳව රාවණා ලංකා ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ මහතා විසින් කරන ලද හෙළිදරව්ව පහතින්,

Exit mobile version