රාවණාගේ කොඩිය අතුරුදහන්!.පොලිසියට චෝදනාවක්!. බස්නායක නිළමේ හෙට රට පැනීමට සූදානම්!

සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක ජනක රවින්ද්‍ර කළුපහන මහතා විසින් එම දේවාලයේ සිදුකරතිබෙන වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කර පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව මේ වන විට එම දේවාලයට පොලිස් ආරක්ෂාව යෝද තිබේ.

එසේම ඉතාම පැරණි දේවාලයේ තිබී ඇති “රාවනා රජුගේ කොඩිය” සහ පැරණි කඩුවක්ද අතුරුදහන් බව මේ වන විට අපට සැලවී තිබේ. කෙසේ නමුත් දේවාලයේ යතුර සහ වටිනා ලියකියවිලි  මේ වන තුරුත් බාරදීමට බස්නායක නිලමේවරයා කටයුතු කර නැති අතර හෙට (2) රාත්‍රී ඔහු ශ්‍රී ලංකාවෙන් පැන යාමට නියමිතව තිබේ.

එසේම අවුරුදු 20 කින් මෙම දේවාලයේ දේවාභරණ මෙන්ම නාමාවලිය පරික්ෂා කිරීම, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරුන් සිදුකර නැති බවද මේ වන විට වාර්තාවෙමින් පවතී. ඒ අනුව එසේ පරීක්ෂා කර නැති නාමාවලියට අයත් කිසිදු භාණ්ඩයක් භාර නොදී හෙට ඔහු රටින් පිටවන බවට අපට තොරතුරු ලැබී තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් – රත්නපුර විසින් හල්දුම්මුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල පිලිබදව අප හල්දුම්මුල්ල පොලිසියෙන් විමසීමක් කල අතර එහි ප්‍රකාශයෙකු සදහන් කලේ “ පොලිසියේ ලොකු මහත්වරු විසින් එය සිවිල් කටයුත්තක් ලෙස සලකා අධිකරණය මගින් විසදාගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් දැනුවත් කල බවයි”. එසේම අප පෙරලා ප්‍රශ්නකරමින් එය සිවිල් කටයුත්තක් වන්නේ කෙසේද යාන්න නැවත ප්‍රශ්න කිරීමේදී ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාගෙන් ඒ පිලිබදව විමසන ලෙස දැනුම් දෙන ලදී. අප ඒ අනුව ඔවුන් අපට ලබා දුන් අංකය වන 0718591525 යන අංකයට ඇමතුමක් ලබා ගත්තත් එම ඇමතුම හා කිසිවෙකු සම්බන්ධ නොවීය.

ඒ අනුව පෙනී යන්නේ ඔහුට රට පැනීමට හැකිවන ආකාරයට පොලිස් නිලධාරීන් හෝ යම් යම් බලවේග කටයුතු කරනා බවයි. මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කිරීමට ඔහු යතුර බාර නොදුන්නේ නම්, ඔහු ප්‍රදේශය අතහැර පලා ගොස් තිබෙන්නේ නම් එය සිවිල් කටයුත්තක් නොවේ. ඔහුට අනුව අපරාද නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතු අතර ඔහුට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ගැනීමද පොලිසියේ රාජකාරිය වේ. ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 112, 162, 172, 173, 174, 177, 181, 183, 184, 185, 198, 203, 214, 290, 209 අ, 330, 331, 370, 386, 388, 392 ආදී වගන්ති රාශියකින් ඔහුට නඩු පැවරීමට හැකිය. ඒ යතුර සහ අනෙකුත් භාණ්ඩ භාර නොදීම නිසා පමණි. එසේම ඔහු රටින් පිටවීමට යන බව අප වාර්තා කරන්නේ ඒ සදහාද අවශ්‍ය තොරතුරු ලැබී තිබෙන බැවිනි. එබැවින් හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ බලධාරීන් හෝ ඔහුව බේරාගැනීමට කටයුතු කරමින් සිටින පොලිස් බලධාරීන් දැන් කල යුත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහය ගෙන හොදින් කියවා බලා ඉදිරි කටයුතු කර ඔහුව අත් අඩංගුවට ගැනීමට ක්ෂණිකව කටයුතු කිරීමය. එසේ නොමැතිව ඔවුන් ඔහුට සහයෝගය පිණිස බලා සිටින්නේ නම් ශ්‍රී ලාංකීය තවත් ඉතිහාස කතාවක වටිනාම සාධකයක් වන “රාවණා රටේ කොඩියද” අපට අහිමි වනු ඇත. එයට වග කිව යුත්තේ හල්දුම්මුල්ල පොලිස් ස්ථානානාධිපති සහ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වේ

ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය සොරගුණේ ගොස් සියලුම වංචා එකතුකළ අවස්තාව පහත වීඩියෝව මගින් බලාගත හැකිය . ඊට අමතරව සියලුම තොරතුරු පහතින් ඇති සබැදි මගින් බැලිය හැකිය.

Exit mobile version