ඇල්ල ප්රදේශයේ සංචාරක හෝටලයක කළමනාකාරවරයකු වන 32 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ පස්වරුවේ රාවණා ඇල්ල කන්දේ පා ගමනක් යමින් සිටියදී ප්රපාතයකට පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු වැල්ලවාය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව සඳහන් වේ.
මියගිය පුද්ගලයා මිතුරෙකු සමඟ කන්ද තරණය කර ආපසු එමින් සිටියදී ගලකින් ලිස්සා අඩි 100ක් පමණ ප්රපාතයකට පෙරළී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ බේරුවල මොරගොල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අවුරුදු 10ක දරුවකුගේ පියෙකි.