ජීවය වනාහී මේ ලෝකයේ පැවැත්මයි. එම පැවැත්ම අඛණ්ඩව පවත්වා ගැනීමට මිනිසාගේ මනස සහ සොබාදහමේ ශක්තිය මනාව සංකලනය විය යුතුය. ජීවය ශක්තිමත් කරන මූලයන් ඇත්තේ අප අවට පරිසරය තුළ ය. පරිසරයේ ඇති රහස් බොහොමයක් අපේ පැරැන්නෝ විවිද ක්‍රම ඔස්සේ හදුනාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය ඉතාමත් දියුණු සංස්කෘතියක් පැවති බව ඒ යුගයට අයත් ශිලාලේඛන,අභිලේඛන,චිත්‍ර හා පුස්කොළ ලිපි ශාස්ත්‍රීය පර්යේෂණයකට භාජනය කරන විට පෙනී යන , දැනෙන සත්‍යක් බව පර්යේෂයකින් විසින් සොයාගෙන ඇත.
රාවණ යුගයේ හෙළදිව ගුවන් යානා පමණක් නොව පරමාණු මිසයිල් , ජලකර ආදිය පවා තිබුණු බවට අපමණ ශාක්ෂි හා තොරතුරු අප රටේ පමණක් නොව, ඉන්දියාව,එංගලන්තය,ග්‍රීසිය ආදී රටවල පුස්තකාලවලද දක්නට ඇත.
සුනාමිය වැනි උදම් රළ නිර්මාණය කළ හැකි බෝම්බ වර්ග පිළිබඳවද මහා භා රත කාව්‍ය වැනි සම්භාව්‍ය ග්රන්ථ වල සදහන් වී තිබීම අපට අතිශයින්ම සතුටු විය හැකි කරුණුය.
එසේ නම් අප කල යුත්තේ එම සැගව ගිය හෙල ඉතිහාසය වර්තමාන ශ්‍රී ලාංකික වැසියන්ට ඉගැන්වීම සහ එම දර්ශනය දිනෙන් දින සමාජගතකර එය හූරු කිරීමයි. රවණා රජුගේ නැවත ඉපදීමක් ශ්‍රී ලාංකිකයන් ඉල්ලති. ශ්‍රී ලංකාව යනු වංචා, දූෂණ, අපරාද වලින් ගහන වීම නිසා බුද්ධිමත් මිනිසුන් එසේ ඉල්ලති.
අපගේ මෙම වෙබ් අඩවියේ ඒකායන බලාපොරොත්තුවද එය වන අතර, සමාජ විරොධී ක්‍රියාවන්, අපරාධ , වංචා, දූෂණ ආදිය හෙළිකරමින්, වැරදි වැඩ කරන්නන් සමාජයෙන් අතු ගා දැමීමට සහය දෙමින් සුපසන් දේශයක් නිර්මාණය කිරීමට දායක වීම අපගේ එකම අරමුණය.
එබැවින් ඔබේ ගැටළු අපට කියන්න. අප ඒවා වාරණයකින් තොරව ලෝකයට අනාවරණය කරන අතර ඔබගේ අවශ්‍යතාවය පරිදි ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කෙරේවි.
ප්‍රධාන කතෘ
රාවණා ලංකා මාධ්‍ය ජාලය.