ශ්‍රී රාවණා ලංකා පුවත් වෙබ් අඩවියේ ශීර්ෂ සහ පාදක කොටස් යොදාගෙන නිර්මාණය කරන ලද වංචනික වෙබ් අඩවියක් තුලින් කූට ව්‍යාපාරයක් සිදුකරගෙන යනබවට තොරතුරු ලැබීමත් සමගම අප ඒ පිළිබදව සොයා බැලීමක් සිදුකරන ලදී.
එහිදී අපට දැක ගන්නට ලැබුනේ අපගේ web අඩවියේ ඉහල සහ පහල කොටස් යොදා එම web අඩවිය නිර්මාණය කර, එහි අපගේ නිල ජංගම දුරකථන අංකය යෙදු කොටස මුහුණු පොතට එකතුකර එය බෙදා හැර තිබේ.
එම මුහුණු පොතේ තිබෙන පලකිරීමේ නිල් පාට අකුරු සහිත කොටසක් තිබෙන අතර එය තට්ටු කිරීමෙන් පසු වෙනත් නිෂ්පාදන web අඩවියකට පිවිසේ. එම web අඩවිය කාගේද යන්න හදුනාගත නොහැකි වුවත්, එහි තිබෙන නිෂ්පාදන ඔවුන් අලෙවිකරනුයේ ඉන්දියාවේ නිෂ්පාදිත භාණ්ඩයක් ලෙසයි.
ඒ අනුව එම web අඩවියෙන් සිදුකෙරෙන කිසිදු කටයුත්තක් අපගේ web අඩවිය හෝ ආයතනය සමග කිසිදු සම්බන්ධයක් නැති බවත්, එය වංචනික නිෂ්පාදනයක් බව පෙනෙන්නට තිබෙන බැවින් එයට නොරැවටෙන ලෙසත්, ශ්‍රී ලාංකික ජනතාව වෙත මෙයින් දන්වා සිටිමු. අදාළ වංචනික web අඩවියට පහත සබැඳියෙන් පිවිසිය හැකිය.