යුද්ධ හමුධාධිපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා ඊයේ (21) නෙලුම්පොකුණ රඟහළේ පැවති යම් උත්සවයකදී යම් පුද්ගලයෙකු විසින් කළ ප්‍රකාශයක් හේතුවෙන් කලබලයට පත්ව තිබේ. ඒ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට අදාළ උසස්වීම් ලබා නොදී, වෙනත් නිලධාරියෙකු යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා ලෙස පත් කිරීමෙන් අධිකරණයට අපහාස කල බවට අප පලකරන ලද පුවත පිළිබදව විශ්‍රාමික හමුදා නිලධාරියෙක් කල ප්‍රශ්න කිරීමක් නිසා කලබල යට පත්ව තිබේ.
එහිදී යුධ හමුදධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, විශ්‍රාම ගියත් තමන්ට දැන් හිරේ යාමට සිදුවන බවයි. එසේම අපට ලැබෙන තොරතුරුවලට අනුව මේ වන විටත් යුද්ධ හමුදධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.
කෙසේ වුවත් යුද්ධ හමුදාධිපතිවරයාටද නීතිය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති නිසා ඔහුට කොලේ වසා හෝ ඔහු යම් කුමන්ත්‍රණයක් මෙහිදී සිදුව තිබේ නම් දැන් යුධ හමුදාධිපතිවරයා කල යුතුව තිබෙන්නේ වහාම එම කර තිබෙන වරද නිවැරදි කිරීමයි. ඒ සදහා ඔහු කල යුතුව තිබෙන්නේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට යුධ හමුදාධිපතිකම ලබා දීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමයි. එවිට විකුම් ලියනගේ මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් නිදහස්වන අතර ඔහුට නිවහල් විශ්‍රාම දිවියක් ලබා ගැනීමට එය කල යුතු අතර ඒ හැර ඔහුට කළ හැකි වෙනත් වෙනත් මාර්ගයක් නැත. ලබන ජනවාරි මසදී නව යුද්ධ හමුධාධිපති ලෙස වෙනත් නිලධාරියෙක් පත් වුවහොත් , ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාට එයට වගකීමට සිදුවන අතර විශ්‍රාම දිවියේ නඩු කිහිපයකට ඔහුට මුහුණ දීමටද සිදුවනු ඇත. ඒවා වෙනුවෙන් නීතිපති කතා කරන්නේ නැත.
පත්කර තිබෙන මාණ්ඩලික ප්‍රධානියා පත්කරන්නේ අධිකරණ නියෝගය ලැබීමෙන් පසුව බැවින් ඔහුගේ පත්කිරීම බලරහිත වේ. කෙසේ වුවත් එය නිවැරදි කිරීමට යුද්ධ හමුදාධිපතිට හැකියාව තිබේ. නමුත් එය නිවැරදි කිරිමට යාම තවත් ගැටළු ගණනාවක ආරම්භයක් බැවින්, ලෙහෙසිම සහ පහසුම මෙන්ම හොදම විසදුම වන්නේ ජනවාරි මස විශ්‍රාම යාමට යෝජිත විකුම් ලියනගේ මහතාගෙන් හිස්වන යුද්ධ හමුදාධිපති තනතුර බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට ලබා දීමට යුද්ධ හමුදාධිපතිවරයා විසින්ම නිර්දේශ කර යැවීමයි.
යුද්ධ හමුදාව යනු මහජනතාවගේ වන්දනාවට ලක් වූ ආයතනයකි. ඒ ඔවුන් සිදුකරන සියකුම දේවල් නිසි ලෙස ඉටුකරණ නිසාය, නමුත් එහි සේවය කරන්න වූ පුද්ගලයන්ට නීති විරෝධී කටයුතු සිදුකිරීම තුලින් අපට යහපත් මහජන හමුදාවක් අහිමි වේ. ඒවා එසේ සිදු නොවිය යුතු බවත්, ඉන් පිඩාවට ලක් වන්නේ අපේම රටේ මිනිසුන් බවත්, විශ්‍රාම ගොස් සතුටින් සිටීමට නම් තම යුතුකම්, වගකීම් මෙන්ම රාජකාරියද නිසි ලෙසම ඉටුකොට තිබිය යුතුය. එසේ නොමැතිව විශ්‍රාම ගිය හමුදාවේ මෙන්ම පොලිසියේද බොහෝ උසස් නිලධාරින් මරණයට පෙර බොහෝ පිඩා වින්දේය. සොබා දහමේ නීතිය දඩුවම් ලබා දුන්නේ ඔවුන්ට පමණක් නොව, ඔවුන් අසාධාරණ ක්‍රියා කරමින් ලබා ගත් මහජන බදු මුදලෙන් යැපුණු ඔවුන්ගේ අඹු දරුවන්ටත් සමග එකතුවය.
චන්දන රණවීර මහතාට සියලුම වරප්‍රසාධ සහිතව 2021 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන ලෙස මේජර් ජනරාල් තනතුර ලබා දෙන ලෙසත්, වර්තමානදී ඔහුට හිමි නිසි ස්ථානයේ පිහිටුවන ලෙසත්, එය ජනාධිපතිවරයාට නිර්දේශ කර යවන ලෙසත්, අභියාචනාධිකරණය මගී යුද්ධ හමුදාධිපති විකුම් ලියනගේ මහතාට නියෝගකරන ලදී. එම නියෝගය ක්‍රියාත්මක කරනවා වෙනුවට යුද්ධ හමුදාධිපතිවරයා විසින් නව මාණ්ඩලික ප්‍රධානියෙක් පත්කර තිබෙන අතර, අධිකරණ නියෝගයට අනුව නව මාණ්ඩලික ප්‍රධානියා විය යුත්තේ බ්‍රිගේඩියර් චන්දන රණවීරය.
සිද්ධියට තුඩු දී තිබෙන පුවත් සියල්ලම පහතින්.